ගාල්ලේ දී අනගාරික ධර්මපාල ගුණ සමරයි

0
89

අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ජන්ම දිනය නිමිත්තෙන් ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්මරණ අධ්‍යයන කේන්ද්‍රය හා ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරන ලද ගුණ සමරු උත්සවය පසුගියදා ගාල්ල කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.

සාමණේර භික්ෂූන් වහන්සේලා 156 නමක් විෂයෙහි අධ්‍යාපනික උපකරණ පූජා කිරීම සහ ගාල්ල දිස්ත්‍රික්කයේ දහම් පාසල් සිසු දරු දැරියන් සඳහා පවත්වන ලද අනගාරික ධර්මපාල අනුස්මර‍ණ සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග, සහතික පත්‍ර සහ පරිගණක ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමද මෙහිදී සිදු විය. පූජ්‍ය කණුමුල්දෙණියේ චන්දවිමල නාහිමි මුලසුන හෙබවූ මෙම උත්සව සභාවේ සමරු දෙසුම ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා මහතා විසින් සිදු කරන ලද අතර සමාප්ති දෙසුම විශ්‍රාමික යුධ හමුදාපති, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගරු සභාපති ජනරාල් දයා රත්නායක මහතා විසින් සිදු කරන ලදී.

ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා ඇතුළු නාගරික මන්ත්‍රීවරු පිරිසක් ද කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මිය සහ නිළධාරීන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here