-0.6 C
New York
Home Blog Page 1316

ඩිලන්ත ස්පාඤ්ඤයේ දී ජයගනී

0

ස්පා‍ඤ්ඤයේ පැවැති ලැම්බෝගිනි සුපර් ට්‍රෝෆියෝ 2020 මෝටර් රථ තරඟාවලියේ ප්‍රෝ ඒ එම් කාණ්ඩයේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව සමත්වූයේය.

-Advertisement-

කොරෝනා මර්ධනයට බීසීජී එන්නත අතහදාබලයි

0

ක්ෂය රෝගය වැළැක්වීම සඳහා 1921 වර්ෂයේ දී සංවර්ධනය කරන ලද බීසීජී එන්නත කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකිදැයි යන්න පිළිබඳ එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ක්ෂය රෝගය වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති මේ එන්නත මගින් වෙනත් ආසාදන ද වළක්වා ගත හැකි බවට සාක්ෂි ඇතැයි මෙම පර්යේෂණය සිදුකරන එක්සෙටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ කියති.

පර්යේෂණය සඳහා කොරෝනා ආසාදිතයන් 1000ක පමණ පිරිසක් සහභාගී වෙයි.

එක්සත් රාජධානියේ ජනතාවට කුඩා කාලයේ දී බීසීජී එන්නත ලබා දී ඇතත් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීමට නම් එය නැවත ලබා දිය යුතු බව පර්යේෂකයන්ගේ අදහසයි.

එන්නත් නිපදවනු ලබන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඉලක්ක කරගනිමිනි. එමගින් අදාල විෂබීජයට එරෙහිව ප්‍රතිශක්තීකරණය සිරු‍රතුළ නිපදවීම ඉලක්ක කරගනිමිනි.

මෙම බීසීජී එන්නත ප්‍රතිශක්තීකරණ පද්ධතියේ පුළුල් වෙනස්කම් ඇතිකරයි. මෙමගින් වෙනත් ආසාදනවලට දක්වන ප්‍රතිචාරය ඉහළ නංවන බවක් පෙනෙන්නට ඇති බව පවසන විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ එමගින් කොරෝනා වයිරස මර්ධනය කිරීමට එයට හැකිවනු ඇති බවයි.

ගිනිබිසව් හි අලුත උපන් බිළිඳුන් මිය යාම බීසීජී එන්නත මගින් 38% කින් අඩු කර ඇති බව සායනික අත්හදා බැලීම්වලින් හෙළි වී තිබේ.

දකුණු අප්‍රිකාවේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ බීසීජී එන්නත නාසය, උගුර සහ පෙනහළුවල ආසාදන 73% ප්‍රමාණයකින් අඩුකර ඇති බවයි.

නෙදර්ලන්තයේ සිදුකරන ලද අත්හදා බැලීම්වලින් පෙන්නුම් කර ඇත්තේ බීසීජී එන්නත සෙංගමාලය වැළැක්වීමට ද සමත්වන බවයි.

එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෝන් කැම්බල් මෙසේ කීවේය.

”මෙය ගෝලීය වශයෙන් ඉතා වැදගත් දෙයක්. අපි කොවිඩ් – 19 වැළැක්වීම සඳහා යොදා ගැනීමට හැකිවේයැයි පර්යේෂණ කරනවා. කොවිඩ් විශේෂිත යැයි අප සිතන්නේ නැහැ. කොවිඩ් වෙනුවෙන් ම එන්නතක් නිපදවීමට සහ ඒවා ලබා ගැනීමට වසර ගණනාවක් ගතවිය හැකියි. ඒ ප්‍රතිකාර දියුණුවන තුරු බීසීජී එන්නත් කොවිඩ් මර්ධනය සඳහා යොදා ගත හැකි ද කියා මේ පර්යේෂණ සිදුකරනවා.”

පර්යේෂණ කණ්ඩායම පවසන්නේ මෙහි ප්‍රතිඵලය ඉක්මණින්ම දැනගැනීමට ලැබෙනු ඇති බවයි.

-Advertisement-

ගාල්ලේ මහ යතිවරයෙක් නික්ම යති.

0

ගාල්ල මකුළුව බුද්ධසිංහාරාම පුරාණ විහාරයේ විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීක අධිකරණ සංඝනායක සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) කෙරදේවල පුඤ්ඤරතන නා හිමියෝ අපවත්වී වදාළහ.

53 වසරක් ආයු වැළඳූ නා හිමියෝ බුද්ධ ශාසනය වෙනුවේන මෙන්ම පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් අනූපමේය සේවයක් ඉටුකළහ.

එමෙන් ම ආගමික, ශාසනික, සමාජයීය කටයුතු වෙනුවෙන් නිරන්තරව ම කැපවී සිටි හිමියෝ ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකයන් සමග ඉතා සමීපව කටයුතු කරමින් ජාතික ආගමික සහජීවනය වෙනුවෙන් ද මහත් සේවාවක් කළහ.

නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඔක්තෝබර් මස 14 වැනි දින සවස 2.00 ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ දී සිදුකරයි.

-Advertisement-

හදිසියේ ඔබ සොයා පැමිණිය හැකි මාරයා – විෂබීජ

0

විෂබීජයක් ශරීරගතවීම යන්න අද අරුමයක් නොවේ. මරණයක් සිදු වූ විට ‍බො‍හෝ විට කියැවෙන්නේ ඒ මරණයට හේතුව විෂබීජයක් ශරීරගත වීම යන්නයි. මේ නිසාම බොහෝ දෙනකු සිතන්නේ යම් රෝගයක් ඇතිවීමට හෝ මරණයක් සිදුවීමට නිශ්චිත හේතුවක් සොයාගත නොහැකි වූ විට සෞඛ්‍ය අංශ විසින් එලෙස පවසන බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලෝකයේ සෑම තත්ත්පර 2.8ට වරක් එක් පුද්ගලයකු විෂබීජ ශරීරගත වීම හේතුවෙන් මියයයි. ඒ අනුව විෂබීජ ශරීරගතවීමෙන් වාර්ෂිකව ලොව පුරා පුද්ගලයෝ ලක්ෂ 110ක් මියයති. විෂබීජ සිරුරට ඇතුළුවීම හේතුවෙන් වාර්ෂිකව පීඩාවට පත්වන පිරිස ලෝකය පුරා ලක්ෂ 470ත් ලක්ෂ 500ත් අතර ප්‍රමාණයකි.

වෛද්‍යවරුන් පවසන්නේ මිනිස් සිරුරට විෂබීජයක් ඇතුළු වූ පමණින් පුද්ගලයකු මරණයට පත් නොවන බවයි. ආගන්තුක විෂබීජයක් සිරුරට ඇතුළු වූ විට මිනිස් සිරුර ඊට එරෙහිව ප්‍රතිචාර රැසක් දක්වයි. නමුත් යම් අවස්ථාවක දී මේ විෂබීජය හේතුවෙන් පුද්ගලයාගේ පටකවලට හෝ අවයවලට හානි සිදුවෙයි. වෛද්‍යවිද්‍යාවේ දී එවැනි අවස්ථාවක් හඳුන්වන්නේ සෙප්සිස් තත්ත්වයක් යනුවෙනි. එලෙස පටක හා අවයවවලට හානි සිදුවන හෙවත් සෙප්සිස් තත්ත්වයට යම් පුද්ගලයකු පත්වුවහොත් ‍එම පුද්ගලයාගේ ඉන්ද්‍රියයන් දුර්වලවීම, අකර්මන්‍යවීම කම්පනය හේතුවෙන් මරණය සිදුවේ. පසුගිය දා ලෝකය පුරා පැතිරගිය කොවිඩ් – 19 වයිරසය හේතුවෙන් පුද්ගලයන් මියයන්නේ ද වයිරසය සිරුරට ඇතුළුවීමෙන් පසු හටගන්නා සෙප්සිස් තත්ත්වය හේතුවෙනි. මෙවැනි තත්ත්වයකට ගොදුරුවන පුද්ගලකු වෛද්‍ය ප්‍රතිකාර හේතුවෙන් දිවි ගලවාගත්ත ද මුළු ජීවිත කාලය පුරාම සෙප්සිස් තත්ත්වය හේතුවෙන් ඇතිවූ අතුරු ආබාධවලින් පීඩා විදිනබව වෛද්‍ය මතයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සෙප්සිස් යනු ලෝකයේ ඇති බරපතලම සෞඛ්‍ය අර්බුදයක් බවයි. සෑම වසරකම ලෝකයේ සිදුවන මරණවලින් 20%ක් සිදුවන්නේ සෙප්සිස් තත්ත්වය හේතුවෙන්. ඇතැම් රටවල මේ තත්ත්වය 15% – 50% අතර අගයකට වෙනස්වන අවස්ථා ද දක්නට ලැබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත අනුව සෙප්සිස් රෝගීන්ගෙන් සියයට 85ක් සහ සෙප්සිස් ආශ්‍රිතව සිදුවන මරණවලින් සියයට 84.8ක් වාර්තාවන්නේ අඩු ආදායම් ලබන රටවල සහ මැද ආදායම් සහිත රටවලිනි. විශේෂයෙන් ම මෙම තත්ත්වය අප්‍රිකාවේ සහ ගිනිකොණ දිග ආසියාවේ භයානක මට්ටමක පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත්කර ඇති දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පුද්ලයන් 100,000ක් සැළකූ විට ඉන් පුද්ගලයන් 440 – 540ත් අතර පිරිසක් සෙප්සිස් තත්ත්වයට ගොදුරුවෙයි. සියයට 12 – 14 අතර පිරිසක් සෙප්සිස් තත්ත්වයෙන් මියයති.

2017 වර්ෂයේ දී ලෝකයේ පුද්ලයන් ලක්ෂ 98ක් සෙප්සිස් තත්ත්වයට ගොදුරු වූ අතර ඉන් ලක්ෂ 18ක් මරණයට පත්වූහ.

මේ අනුව බලන විට මේ ලිපිය ලියන මම ද ලිපිය කියවන ඔබ ද ඔබේත් ‍මගේත් සමීපතමයකු ද ඕනෑම මොහොතක විෂබීජයක් ශරීරගතවූවකු වී, සෙප්සිස් තත්ත්වයට පත්වන්නට ඉඩ තිබේ. එය අරුමයක් නොවේ. ලෝකයේ විෂබීජ ශරීරගතවන පුද්ගලයන් පිළිබඳ ඇති තොරතුරු අනුව එවැන්නක් ඕනෑම මොහොතක සිදුවීමට ඉඩ තිබේ. එසේ නම් අප ඒ ගැන දැනුම්වත් විය යුතුය.

සෙප්සිස් තත්ත්වයට පුද්ගලයකු පත්වීමට හේතුවන විෂබීජ බොහොමයක් තිබේ. මේ අතරින් බහුලම වර්ගය ලෙස හඳුනාගෙන ඇත්තේ බැක්ටීරියා විශේෂයි. ඊට අමතරව දිලීර, වෛරස් සහ විවිධ පරපෝෂිතයන් සිරුරට ඇතුළු වූ විට සෙප්සිස් තත්ත්වය ඇතිවිය හැකි බව වෛද්‍යවරු කියති.

කොවිඩ් – 19, සාර්ස්, සෘතුමය වශයෙන් හටගන්නා ඉන්ෆ්ලුවෙන්සා ඇතිකරන වෛරස්, ඉබෝලා, කහ උණ, ඩෙංගු වෛරසය, කුරුළු උණ ඇතිකරන වෛරස් දැනට ලෝකයේ විශාල පිරිසකට සෙප්සිස් තත්ත්වය ඇතිකරන ලද විෂබීජ අතර ප්‍රමුඛත්වයක් ගනී. මීට අමතරව ඕනෑම වෙනත් ඕනෑම ක්ෂුද්‍ර ජීවී විශේෂයක් සිරුරට ඇතුළු වී ඕනෑම පුද්ගලයකු සෙප්සිස් තත්ත්වයට පත්කිරීමේ අවදානමක් තිබේ.

නමුත් මේ පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශවල මෙතෙක් වැඩි උනන්දුවක් නැත. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ සංඛ්‍යාලේඛන පිළිබද කරුණු ඉදිරිපත් කළ ද ශ්‍රී ලංකාවේ දී විෂබීජ ශරීරගතවීමෙන් මිය යන පුද්ගලයන් හෝ පීඩාවට පත්වන පුද්ගලයන් පිළිබඳ මෙතෙක් නිශ්චිත සංඛ්‍යාලේඛන හෝ නොමැත.

ලෝකය පුරාම වැඩිම මරණ සංඛ්‍යාවකට හේතුවන සෙප්සිස් තත්ත්වය පිළිබඳ මෙරට සෞඛ්‍ය අංශවල පවා අවදානයක් නොමැති බැවින් 2020 වර්ෂයේ සෙප්සිස් දිනය සැමරූ සැප්තැම්බර් 13 වැනි දිනට පසු සැප්තැම්බර් 14 දින සිට 20 වැනි දිනය දක්වා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ ඒ පිළිබඳ දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකාවේ නිර්වින්දන හා දැඩිසත්කාර විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් සංවිධානය කර තිබිණි. ඒ අනුව පසුගිය සතිය පුරා සෙප්සිස් පිළිබඳ විශේෂ දේශන මාලාවක් රජයේ රෝහල්වල කාර්ය මණ්ඩල පවා දැනුම්වත් කරමින් පැවැත්විණි.

ඕනෑම වයස් කාණ්ඩයක පසුවන නිරෝගී පුද්ගලයකු වුව ද විෂබීජ ශරීරගතවීමේ තත්ත්වයකට ගොදුරු විය හැකිය. වෛද්‍යවරු පවසන්නේ එය බොහෝ විට සිදුවන්නේ ශ්වසන පද්ධතිය, ආමාශය හා අන්ත්‍රය ඇතුළු ආහාර මාර්ග පද්ධතියෙන්, මුත්‍රා ආශ්‍රිතව, තුවාල හෝ සම වැනි ස්ථාවලින් බවයි.

විෂබීජයක් ශරීරගත වූ විට එහි වැඩිම අවදානමක් පවතින්නේ ‍නැතිනම් සෙප්සිස් තත්ත්වය ඇතිවමේ වැඩිම අවදානමක් පවතින්නේ වයස අවුරුද්දකට වඩා අඩු දරුවන්, අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන්, වකුගඩු ආබාධ, පෙනහළු ආබාධ ඇති රෝගීන්, හෘදයේ සංකූලතා ඇති පුද්ලයන්, ප්ලීහාව ඉවත් කරන ලද පුද්ගලයන්, අක්මාවේ දුර්වලතා ඇති පුද්ලයන් සහ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වූ ඒඩ්ස් රෝගීන් සහ දියවැඩියාව සහිත පුද්ලයන් බව සෞඛ්‍ය අංශ පවසයි. 

වර්තමාන‍යේ ශ්‍රී ලංකාවේ ද විෂබීජ ශරීරගවී සෙප්සීස් තත්ත්වයට ගොදුරු වී මියයන පුද්ගලයන් හා දින ගණන් රෝහල්වල ප්‍රතිකාර ලැබ පිටව යන පිරිස් කොතරම් සිටිය ද එවැනි තත්ත්වයකට තම සමීපතමයකු ගොදුරුවී ඇත්දැයි දැනගැනීමට තරම් මෙරට සමාජය දැනුම්වත් වී නොතිබීම අභාග්‍යයකි.

වෛද්‍යවරු පවසන්නේ යම් පුද්ගලයකු වෙනදා මෙන් සාමාන්‍ය පරිදි කතා බහ නොකර අසාමාන්‍ය හෝ ව්‍යාකූළ කතාබහක නිරතවන්නේ නම්, අධික වෙව්ලීම් හෝ මාංශ පේශිවල වේදනාවක් දක්වන්නේ නම්, දිනය පුරාම ‍මුත්‍රා නොකර සිටින්නේ නම් ඔහු හෝ ඇය සෙප්සිස් තත්ත්වයට ගොදුරු වී සිටින්නකු විය හැකි බවයි.

එමෙන් ම අධික උණ, දැඩිව හෝ අක්‍රමවත් ලෙස හුස්ම ගැනීම, සමේ ස්වභාවය වෙනස්වීම, අධික නිදිමත, සිහිමද ගතියක් පෙන්නුම් කිරීම, සෙප්සිස් තත්ත්වයට පත්වන රෝගීන්ගේ දක්නට ලැබෙන ලක්ෂණ අතර වෙයි. මෙවැනි ලක්ෂණ සමීපතමයන්ට ඉතා පහසුවෙන් හඳුනාගත හැකිය. යම් අයකුගේ එවැනි වෙනසක් ඇත්නම් කඩිනමින් රෝහලක් වෙත රැගෙන යා යුතුය.

සෙප්සිස් තත්ත්වයක් යනු මාරාන්තික වුව ද එය වළක්වාගත හැකි තත්ත්වයකි. ලෝකය පුරා වැඩිම පිරිසක් මරණයට ගොදුරුවන නමුත් වළක්වාගත හැකි අංක එකේ තත්ත්වය ලෙස හඳුන්වන්නේ සෙප්සිස් තත්ත්වයයි. එසේ නම් සෙප්සිස් තත්ත්වයෙන් යමකු මිය යන්නේ නම් ඒ වළක්වාගත හැකි මරණයකි. මේ සඳහා කළ යුතු පළමු කාර්යය වන්නේ හැකි තරම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීම හා විෂබීජ ශරීරගත වීමෙන් හැකිතාක් වැළකී සිටීමයි.

මේ සඳහා ඔබ ජීවත්වන පරිසරය නිරන්තරව ම පිරිසිදුව තබා ගැනීම ඉතාමත් වැදගත් වේ. එමෙන් ම නිතරම පිරිසිදුව සිටීමත් පිරිසිදු ජලය භාවිතා කිරීමත් අත් සෝදා පිරිසිදු කරගනිමින් සනීපාරක්ෂාව තහවුරු කරගැනීමත් ඔබට විෂබීජවලින් වැළකී සෙප්සිස් තත්ත්වයට පත්නොවී සිටීමට මහෝපකාරී වෙයි.

ආරක්ෂිත දරු ප්‍රසූතියත් නිදන්ගත රෝග ඇත්නම් ඒවා උත්සන්න නොවී හැකිතාක් දුරට පාලනය කරගෙන සිටීම ද මෙවැනි අවදානමකට පත් නොවීමට හේතුවක් වෙයි.

වෛද්‍යවරු පවසන්නේ සෙප්සිස් යනු නිවැරදි ලෙස දැනුම්වත් වුවහොත් පහසුවෙන් වළක්වාගත හැකි රෝගී තත්ත්වයක් බවයි. නිහඬ මාරයකු වන විෂබීජ ඔබේ ශරීරයට ඇතුළුවීම වළක්වාගැනීම ඔබේම වගකීමකි.

ඇඹිලිපිටිය රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය හරිනි ජාගොඩ මෙනවිය සමග සිදුකළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලදී.

-Advertisement-

අවුකන පුද බිම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට

0

ඓතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාව සහිත පූජා භූමියේ නඩත්තු කටයුතු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පත්කර තිබේ.

පසුගිය දිනක ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ මහතා එම භූමියේ සංචාරයක නිරතවූ අවස්ථාවේ දී අවුකන විහාරාධිපති හිමියන් මෙම භූමියේ නඩත්තු කටයුතු නිසිපරිදි සිදු නොවන බව පවසා තිබිණි.

හිමියන් පෙන්වා දී තිබුණේ 2015 වර්ෂය දක්වා සිවිල් ආරක්ෂක බලකාය යටතේ නඩත්තු කටයුතු සිදුවුව ද පසුව එය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් ඉවත්කර තිබූ බවයි.

ඊයේ (10) සිට යලි සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට අවුකන පූජා භූමියේ පිරිසිදු හා නඩත්තු කටයුතු පවරා තිබූ අතර සිවල් ආරක්ෂක දෙපාරත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනාරාල් ආනන්ද පීරිස් මහතා ද එය භාර ගැනීමේ උත්සවයට එක්ව සිටියේය.

-Advertisement-

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 103 කින් ඉහළට

0

කොරෝනා ආසාදිතයන් 103 දෙනකු අද (10) දින වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවති දෙපාර්තමේන්තුව පැය 21.00ට නිකුත් කළ වාර්තාවක දැක්වේ. ඒ සියලුම දෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවෙන් හටගත් කොරෝනා පොකුරට අයත්වූවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

අද (10) දින වාර්තා වූ ආසාදිතයන් අතර ඇඟළුම් සේවකයන් 02ක් සිටින අතර ආශ්‍රිතයන් සංඛයාව 101කි. මේ අනුව මිනුවන්ගොඩ පොකුරේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 1186ක් දක්වා ඉහළ ගොස් තිබේ.

-Advertisement-

කොරෝනා තර්ජනය හමුවේ පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය

0

ශිෂ්‍යත්ව විභාගය හෙට (11) දිනයේ දී සෞඛ්‍යාරක්ෂිතව පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම විභාගය පැවැත්වෙයි.

විභාග මධ්‍යස්ථාන අද දිනයේ විෂබීජහරණය කළ බවත් සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කර ඇති බවත් අමාත්‍යාංශය වසයි. මෙවර හිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන සිසු සිසුවියන් සංඛ්‍යාව 331,694කි. ඔවුහු විභාග මධ්‍යස්ථාන 2,936ක දී හෙට (11) දිනයේ දී විභාගයට මුහුණ දෙති.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ උදෑසන 8.45 වනවිට සියලු අපේක්ෂකයන් විභාග මධ්‍යස්ථාන වෙත පැමිණ  9.00ට විභාග ශාලාවේ අසුන්ගත යුතු බවයි. විභාගය ආරම්භවීමට නියමිතව ඇත්තේ පෙරවරු 09.30ටය. 10.30 ට පළමු ප්‍රශ්න පත්‍රය අවසන් වන අතර දෙවැනි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට පෙරවරු 11.00 සිට පස්වරු 12.15 දක්වා කාලය හිමිවෙයි.

විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ සියලු විභාග අපේක්ෂකයන් තම ඇඳුමේ වම් පස හොඳින් පෙනෙන පරිදි විභාග අංකය පැළඳ විභාග ශාලාවට පැමිණිය යුතු බවයි.

කොරෝනා වසංගතය පවතින බැවින් විවේක කාලයේ දී දෙමාපියන්ට විභාග මධ්‍යස්ථානවලට ඇතුළුවීමට අවසර ලැබෙන්නේ නැත. එබැවින් දරුවන්ට පානීය ජල බෝතලයක්හා වවේක කාලයේ දී අවශ්‍ය ආහාර ඔවුන් වෙතම සපයා එවන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන්ට සිය විභාග ප‍්‍රවේශ පත‍්‍රය ඇඳීරි නීති බලපත‍්‍රයක් ලෙස යොදාගත හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

නිරෝධායන ඇඳීරි නීතිය ක්‍රියාත්මක ප‍්‍රදේශවල සිට වෙනත් ප‍්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල දී විභාගයට පෙනී සිටීමට නියමිතව සිටින විභාග අපේක්ෂකයින්ට, එම බල ප‍්‍රදේශයේ විශේෂ විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබා දී තිබේ. ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විශේෂ විභාග මධ්‍යස්ථාන 12 ක් ස්ථාපිත කර ඇතැයි  විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා  කියා සිටියේය. 

කොරෝනා ආසාදිත බවට තහවුරු කරගෙන ඇති සිසුන් පස් දෙනකුට හෙට දිනයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට විශේෂ ස්ථානයක් සූදානම් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙසේ ද කීවේය.

” අපි දන්නවා කොරෝනා අවදානමක් තිබෙනවා. ඒ නිසා විභාගය ආරම්භවීමට පෙර හෝ පසු විභාග මධ්‍යස්ථානය අස දී හෝ මඟ තොටේ දී හෝ දෙමාපියන් වගේම දරුවන් ද අනෙක් දෙමව්පියන් හා දරුවන් සමග කිසි සේත්ම ම්බන්ධ නොවිය යුතුයි. ” 

විභාග අපේක්ෂකයන් අදාළ විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීම සඳහා සිසුන් සහ ඔවුන්ගේ මව්පියන්ට හෝ භාරකරුවන්ට පමණක් අවසර ලැබෙන පරිදි විශේෂ දුම්රිය මැදිරි සහිත දුම්රිය 02 ක් ද කොළඹ සහ පොල්ගහවෙල අතර ධාවනයට එක්කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා කීවේය.

එමෙන්ම, හෙට පැවැත්වෙන 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙන බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේය.

-Advertisement-

කටුනායක කම්හලක 11ට කොරෝනා

0

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයෙ ්පිහිටි ඇඟලුම් කම්හලක තවත් සේවකයන් 11 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව අද (10) තහවුරු කරගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙම කම්හ‌ලේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙන් එහි සේවක සේවිකාවන් සියලු දෙනා පීසීආර් පරීක්ෂණවලට යොමු කිරීමට කටයුතු කෙරිණි.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරියකු කියා සිටියේ මෙම කර්මාන්තශාලාවේ සේවිකාවන් දෙදෙනකුට සහ සේවකයන් 09 දෙනෙනකුට මෙම රෝගය ආසදනය වී තිබේ ඔවුන් රෝහල්ගත කිරීමටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් පිළිබඳ අවශ්‍ය නිරෝධායන කටයුතු ආරම්භ කිරීමටත් මේ වනවිට සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටියි.

-Advertisement-

රුවන්පුර විද්‍යාපීඨය තාවකාලිකව වසා දමයි.

0

කහවත්ත, වැල්ලන්දුර  පිහිටි රුවන්පුර අධ්‍යාපන විද්‍යාපීඨය තාවකාලිකව වසා දැමූ බව එහි පාලන අධිකාරිය පවසයි.

ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල ප්‍රකාශ කළේ එම විද්‍යාපීඨයේ සිසු සිසුවියන් 100ක පමණ පිරිසක් උදරාබාධයකින් පෙළීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි. අසනීප වූ සිසු සිසුවියන්ට විද්‍යාපීඨය තුළ දී  ම ප්‍රතිකාර ලබා දී ඇති අතර ආහාර ආසාත්මිකතාවක් මේ උදරාබාධයට හේතු වී ඇතැයි සැක කරයි.

රටේ පවතින කොරෝනා අවදානම් තත්ත්වය හේතුවෙන් සිසු සිසුවියන්ට නේවාසිකාගාරවලින් පිටවන ලෙස ද දැනුම් දුන් බව විද්‍යාපීඨයේ පාලන අධිකාරිය පැවසීය.

-Advertisement-

මුහුදේ සිටි හලාවත ධීවරයාටත් කොරෝනා

0

 හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ධීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දා අඹකඳන්විල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා සමග මෙම ධීවරයා සැප්තැම්බර් 30 වැනි දින නුවරඑළිය ප්‍රදේශයට ගොස් තිබිණි.

ඉන් පසු තවත් ධීවරයන් 06 දෙනකු සමග මුහුදු ගොස් සිටි ඔහුට ආපසු පැමිණෙන ලෙස කරන ලද දැනුම් දීමකට අනුව ඊයේ (09) ඔහු ගමන්ගත් බහුදින යාත්‍රාව දික්ඔ්විට වරායට පැමිණ ඇත. ඊයේ (09) සවස කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙම ධීවරයාට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඔහු සමග මුහුදු ගිය අනෙකුත් ධීවරයන් 06 දෙනා ද නිරෝධායනයට ලක්කර තිබේ.

හලාවත අඹකඳවිල ප්‍රදේශයේ වාර්තා වූ පළමු ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයන් නිරෝධානයට ලක්කර ඇති අතර ඔවුන් අතර පවුල් 10ක පුද්ගලයන් 52ක්, දේවස්ථානයක පියතුමන්ලා දෙදෙනෙක්, මාරවිල බෙහෙත් ශාලාවක  විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් 09 දෙනකු, තොඩුවාව ප්‍රදේශයේ කන්‍යාරාමයක කන්‍යා සොයුරියන් 05 දෙනකු සහ තොඩුවාව පදිංචි පුද්ගලන් 37 දෙනකු හා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 04 දෙනකු වශයෙන් 109 දෙනකු නිරෝධායනයට ලක්කර තිබේ.

ධීවරයාගේ සමීපතමයන් පිළිබඳ මේ වනවිට තොරුතුරු ලබාගනිමින් සිටින බවත් ඔවුන් ද නිරෝධායනයට යොමු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

-Advertisement-