මුහුදේ සිටි හලාවත ධීවරයාටත් කොරෝනා

0
70

 හලාවත අඹකඳවිල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි ධීවරයකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය දා අඹකඳන්විල ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයා සමග මෙම ධීවරයා සැප්තැම්බර් 30 වැනි දින නුවරඑළිය ප්‍රදේශයට ගොස් තිබිණි.

ඉන් පසු තවත් ධීවරයන් 06 දෙනකු සමග මුහුදු ගොස් සිටි ඔහුට ආපසු පැමිණෙන ලෙස කරන ලද දැනුම් දීමකට අනුව ඊයේ (09) ඔහු ගමන්ගත් බහුදින යාත්‍රාව දික්ඔ්විට වරායට පැමිණ ඇත. ඊයේ (09) සවස කරන ලද පීසීආර් පරීක්ෂණයෙන් අනාවරණය වී ඇත්තේ මෙම ධීවරයාට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි. ඒ අනුව ඔහු සමග මුහුදු ගිය අනෙකුත් ධීවරයන් 06 දෙනා ද නිරෝධායනයට ලක්කර තිබේ.

හලාවත අඹකඳවිල ප්‍රදේශයේ වාර්තා වූ පළමු ආසාදිතයා ඇසුරු කළ පුද්ගලයන් නිරෝධානයට ලක්කර ඇති අතර ඔවුන් අතර පවුල් 10ක පුද්ගලයන් 52ක්, දේවස්ථානයක පියතුමන්ලා දෙදෙනෙක්, මාරවිල බෙහෙත් ශාලාවක  විශේෂඥ වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් 09 දෙනකු, තොඩුවාව ප්‍රදේශයේ කන්‍යාරාමයක කන්‍යා සොයුරියන් 05 දෙනකු සහ තොඩුවාව පදිංචි පුද්ගලන් 37 දෙනකු හා නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු 04 දෙනකු වශයෙන් 109 දෙනකු නිරෝධායනයට ලක්කර තිබේ.

ධීවරයාගේ සමීපතමයන් පිළිබඳ මේ වනවිට තොරුතුරු ලබාගනිමින් සිටින බවත් ඔවුන් ද නිරෝධායනයට යොමු කරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here