කොරෝනා මර්ධනයට බීසීජී එන්නත අතහදාබලයි

0
92

ක්ෂය රෝගය වැළැක්වීම සඳහා 1921 වර්ෂයේ දී සංවර්ධනය කරන ලද බීසීජී එන්නත කොරෝනා රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යොදා ගත හැකිදැයි යන්න පිළිබඳ එක්සත් රාජධානියේ විද්‍යාඥයන් පිරිසක් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ක්ෂය රෝගය වැළැක්වීම සඳහා නිර්මාණය කර ඇති මේ එන්නත මගින් වෙනත් ආසාදන ද වළක්වා ගත හැකි බවට සාක්ෂි ඇතැයි මෙම පර්යේෂණය සිදුකරන එක්සෙටර් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ කියති.

පර්යේෂණය සඳහා කොරෝනා ආසාදිතයන් 1000ක පමණ පිරිසක් සහභාගී වෙයි.

එක්සත් රාජධානියේ ජනතාවට කුඩා කාලයේ දී බීසීජී එන්නත ලබා දී ඇතත් කොරෝනා රෝගයෙන් ආරක්ෂාවීමට නම් එය නැවත ලබා දිය යුතු බව පර්යේෂකයන්ගේ අදහසයි.

එන්නත් නිපදවනු ලබන්නේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ඉලක්ක කරගනිමිනි. එමගින් අදාල විෂබීජයට එරෙහිව ප්‍රතිශක්තීකරණය සිරු‍රතුළ නිපදවීම ඉලක්ක කරගනිමිනි.

මෙම බීසීජී එන්නත ප්‍රතිශක්තීකරණ පද්ධතියේ පුළුල් වෙනස්කම් ඇතිකරයි. මෙමගින් වෙනත් ආසාදනවලට දක්වන ප්‍රතිචාරය ඉහළ නංවන බවක් පෙනෙන්නට ඇති බව පවසන විද්‍යාඥයන් අපේක්ෂා කරන්නේ එමගින් කොරෝනා වයිරස මර්ධනය කිරීමට එයට හැකිවනු ඇති බවයි.

ගිනිබිසව් හි අලුත උපන් බිළිඳුන් මිය යාම බීසීජී එන්නත මගින් 38% කින් අඩු කර ඇති බව සායනික අත්හදා බැලීම්වලින් හෙළි වී තිබේ.

දකුණු අප්‍රිකාවේ කරන ලද අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ බීසීජී එන්නත නාසය, උගුර සහ පෙනහළුවල ආසාදන 73% ප්‍රමාණයකින් අඩුකර ඇති බවයි.

නෙදර්ලන්තයේ සිදුකරන ලද අත්හදා බැලීම්වලින් පෙන්නුම් කර ඇත්තේ බීසීජී එන්නත සෙංගමාලය වැළැක්වීමට ද සමත්වන බවයි.

එක්සත් රාජධානියේ එක්සෙටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ජෝන් කැම්බල් මෙසේ කීවේය.

”මෙය ගෝලීය වශයෙන් ඉතා වැදගත් දෙයක්. අපි කොවිඩ් – 19 වැළැක්වීම සඳහා යොදා ගැනීමට හැකිවේයැයි පර්යේෂණ කරනවා. කොවිඩ් විශේෂිත යැයි අප සිතන්නේ නැහැ. කොවිඩ් වෙනුවෙන් ම එන්නතක් නිපදවීමට සහ ඒවා ලබා ගැනීමට වසර ගණනාවක් ගතවිය හැකියි. ඒ ප්‍රතිකාර දියුණුවන තුරු බීසීජී එන්නත් කොවිඩ් මර්ධනය සඳහා යොදා ගත හැකි ද කියා මේ පර්යේෂණ සිදුකරනවා.”

පර්යේෂණ කණ්ඩායම පවසන්නේ මෙහි ප්‍රතිඵලය ඉක්මණින්ම දැනගැනීමට ලැබෙනු ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here