spot_img
spot_imgspot_img

දකුණේ ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම්ට කොරෝනා

පුවත්

විදෙස්

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ගේ සම්බන්ධීකරණ ලේකම්වරයාට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි.

අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ (27) ගාල්ලේ පුද්ගලික රෝහලකට ගිය අවස්ථාවක දී සිය කැමැත්තෙන් ම කරගන්නා ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ඔහුට කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත.

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ද පසුගිය දිනක සහභාගී වූ විවාහ මංගල උත්සවයකට කොරෝනා ආසාදිතයකු පැමිණ සිටීම හේතුවෙන් දින 14ක ස්වයං නිරෝධායනයකට ලක්ව සිටියේය. ඒ බව සෞඛ්‍ය අංශ පවා දැන සිටියේ නැත.

හියාරේ ජලාශ පරිශ්‍රය හා ඒ අවට ප්‍රදේශය සංචංරක කලාපයක් බවට පත්කිරීමේ සැළැසුමක් සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නිලධාරීන්, පළාත් සභා නිලධාරීන් ඇතුළු පිරිසක් ඊයේ හියාරේ ප්‍රදේශයට ගොස් තිබිණි. ආණ්ඩුකාරවරයා, ගාල්ල නගරාධිපතිවරයා, අක්මීමණ ප්‍රාදේශීය සභාවේ සභාපතිවයා, පළාත් පාලන නිලධාරීන් ඇතුළු 70ක පමණ පිරිසක් මේ නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි අතර ඔවුන් සියලු දෙනා ම සම්බන්ධීකරණ ලේකම්වරයාගේ පළමු පෙළ ආශ්‍රිතයන් විය හැකි බව ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!