කොරෝනා වයිරසයේ වඩාත් වේගයෙන් පැතිරෙන එංගලන්ත හා දකුණු අප්‍රිකාවලින් හමුවූ ප්‍රබේදයටත් වඩා වෙනස් ස්වරූපයක් ගන්නා වඩාත් වේගෙයන් පැතිරෙන කොරෝනා නව වයිරස ප්‍රබේදයක් ශ්‍රී ලංකාවෙන් හඳුනාගැනීමට හැකි වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර පවසයි.
ඔහු පවසන්නේ මෙය විදේශ රටවල් කිහිපයක ඇති නව කොරෝනා ප්‍රබේදයන් හි දිගුවක් බවයි. එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ වයිරස ප්‍රබේදයට වඩා වෙනස් බවත් ස්වීඩනය, ජර්මනිය, ඩෙන්මාර්කය, අයිස්ලන්තය යන රවටල ව්‍යාප්ත වූ ප්‍රබේදයට සමාන බවත් ඔහු කියා සිටියේය.
“මේ වයිරස ප්‍රබේදය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ හැකියාව වැඩියි. එ් වගේම මේ දිනවල බහුලව කතාබහට ලක්වන එංගලන්ත හා දකුණු අප්‍රිකාවල ව්‍යාප්තවූ ප්‍රබේදයට වඩා වෙනස් බවත් හඳුනාගත හැකිවුණා. කෙසේ වෙතත් අපි මේ ගැන තවදුරටත් දීර්ඝ සොයා බැලීම් කළ යුතුයි. අපි ලංකවේ විවිධ මධයස්තානවලින් එකුත කරන ලද සාම්පල පරීක්ෂා කළා. පසුගිය සති දෙකක කාලයේ දී තිබුණු සාම්පලවලින් අපි කරුණු දෙකක් පැහැදිලිව හඳුනාගත්ා. පළමුවැන්න තමයි අපේ දෙවැනි රැල්ලේ සාම්පල එකකට එකක් සමානවීම නිසා එය ශ්‍රී ලංකාවේ තියෙන ප්‍රබේදයක්. එය අපි හඳුනාගෙන තියෙන්නේ බී1411 නමින්. එංගලන්තයේ හා දකුණු අප්‍රිකාවේ පැතිරෙන ප්‍රබේද පසුගිය සති දෙකේම හමුවුණේ නැහැ. නමුත් අපිට තවත් අලුත් ප්‍රබේදයක් හමුවී තිබෙනවා. ඒ කියන්නේ බී1.258 කියන එක. එය වේගයෙන් පැතිරීමේ හැකියාවක් තිබෙනවා මේක ප්‍රධාන වශයෙන් දැනට වාර්තාවෙලා තියෙන්නේ ඩෙන්මාර්කය, අයිස්ලන්තය, ස්විට්සර්ලන්තය, ජර්මනිය කයින රවල. ඉතින් මේ ප්‍රබේදයට සම්බන්ධ වූ රෝගින් පසුගිය සතියේ අපට වාර්තා වුණා. මේ පිළිබඳ අවශ්‍ය ක්‍රියාමාර්ග අපි දැනටමත් අරගෙන තිබනෙවා. ඒ නිසා අනවශ්‍ය බියක් ඇතිකරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ නව ප්‍රබේද ඇතිවෙන්නේ ජාන විකෘති වෙමින්. දැනට සොයාගෙන ඇති ප්‍රතිශක්තීකරණ එන්නත් මේ ජනා විකෘත්තියෙන් ඇතිවන ප්‍රබේදවලටත් අදාල වන බව තමයි වාර්තා වන්නේ. මේ ගැන වැඩිදර පරීක්ෂණ අපි කරගෙන යනවා.”