මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති වසන්ත යාපා බන්ඩාර කොරෝනා ආසාදනය වී ඇති බව අද (25) ප්‍රකාශ කළ ද ඔහුගේ පීසීආර් පරීක්ෂණය සිදුකර ඇත්තේ පසුගිය 16 වැනි දා කඩුගන්නාව දිසා රෝහලේ දී බව මන්ත්‍රීවරයා පවසයි.
පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ප්‍රමාදවනවිට ඒ පිළිබද සෞඛ්‍ය අංශවලින් විමසූ විට ප්‍රමාදයක් ඇති බව කියූවේ යැයි මන්ත්‍රීවරයා පවසයි. නමුත් දින තුනක් පමණ නිවසේ නිරෝධායනය වෙමින් සිටි තමන්ට කිසිදු අසනීප ත්තත්වයක් හෝ රෝග ලක්ෂණ හෝ නොතිබූ බැවින් කොරෝනා ආසාදනය වී ඇතැයි දැනුම් දීමක් ද නොවූ බවින් දින තුනකට පමණ පසු සාමාන්‍ය රාජකාරීවල නිරත වූ බව මන්ත්‍රීවරයා කියයි.
ඔහු මෙම පීසීආර් පරීක්ෂණය ලබාගෙන ඇත්ත් ස්වේච්ඡාවෙනි.
නමුත් හදිසියේ ම ඊයේ (24) මන්ත්‍රීවරයාට ඇමතූ කඩුගන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා දන්වා ඇත්තේ මන්ත්‍රීවරයා කොරෝනා ආසාදිත බවයි. ඊයේ රාත්‍රී ඔහු වහාම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් ද සිදුකරගෙන ඇති අතර එම වාර්තාව අනුව ඔහු කොරෝනා ආසාදිතයකු නොවේ.
කෙසේ වෙතත් මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර තම ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමන් කොරෝනා ආසාදිතයකු බැවින් පසුගිය දින කිහිපයේ සමීපව කටයුතු කළ අයට වෛද්‍ය පරීක්ෂණයක් කරගන්නා ලෙසයි.
ඔහු පීසීආර් පරීක්ෂණය සිදුකරගැනීමෙන් පසු ගත වූ දින 08 තුළ දී පාර්ලිමේන්තු සැසියකට හා වෙනත් කාර්යයකට පාර්ලිමේන්තුවට ගොස් ඇති අතර වැඩ සමඟ යළි ගමට ග්‍රාමීය රැස්වීම් ගණනාවට ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ද සහභාගී වී තිබේ. එමෙන් ම පුද්ගලික රූපවාහිනී නාලිකාවක දේශපාලන සංවාදයකට ද එක්ව ඇත. මන්ත්‍රීවරයා සමඟ දේශපාලන වැඩසටන පැමිණි හේෂා විතානගේ, චමින්ද විජේසිරි හා මන්ත්‍රීවරු දෙදෙනා සහ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ද මේ වනවිට නිරෝධායනයට යොමුකර සිටිති.
වසන්ත යාපා බණ්ඩාර කොරෝනා ආසාදනය වූ 06 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයායි.
පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල ලබා දීම මේ තරම් ප්‍රමාදවීම පිළිබඳ රසායනාගාර සේවා සම්බන්ධ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුදත් ධර්මරත්නගෙන් විමසා සිටි විට ඔහු පැවසුවේ ඒ පිළිබඳ වහාම සොයා බලන බවයි.