පොල්ගහවෙල බන්ධාවේ දී අනතුරට ලක්වූ වෑන් රථයක ගමන් කළ පුද්ගලයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
කොළඹ සිට කුරුණෑගල දෙසට ධාවනය වූ මේ වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් බන්දාව ඉන්ධන පිරවුම් හළ අසළ දී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් මේ අනතුර සිදුව තිබිණි.
අනතුරින් එහි ගමන්ගත් පුද්ගලයන් 04 දෙනකු තුවාල ලබා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කුරුණෑගල ශික්ෂණ රෝහලට වැඩි දුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා ඇත. එහි දී සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ ඉන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
පොල්ගහවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ අනතුරට පත් පුද්ගලයන් කොළඹ පදිංචිකරුවන් බවයි.