spot_img
spot_imgspot_img

කාති උසාවි එපා යැයි පිරිසක් කියති

පුවත්

විදෙස්

කාති උසාවි අවලංගුකර එක් අධිකරණ ක්‍රමයක් මුළු රටටම ක්‍රියාත්මක කරන ලෙස “මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හමුව” ඊයේ (24) සංවිධානය කළ මාධ්‍ය හමුවේදී රජයෙන් ඉල්ලීමක් කර තිබුණි.

ඊට එක් වූ මුස්ලිම් ජාතික යුවළක් සඳහන් කළේ කාතිවරුන් අසාධාරණ ලෙස ක්‍රියාකරන බවය.

“නුවර ප්‍රදේශයේ කාන්තාවක් තමන්ගේ පවුල් ජීවිතයේ ඇති වූ ප්‍රශ්නයකට කාති හමුවෙන්න ගියපු වෙලාවේ දුර තිබුණු පුටුව ළඟට අරන් පිටට තට්ටුවක් දාලා අහලා තියෙනවා ඔයා මොකටද ආවේ කියලා”. 

“90%ක් මේ කාති උසාවි එපා කියලා කෑ ගහන්නේ මේ මුස්ලිම් ජනතාව,” යනුවෙන් සිය අනන්‍යතාව හෙළිකිරීමට අකමැති වූ කාන්තාවක් පවසා සිටියාය.

මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශ්වයෙන් ද අදහස් පළවූ අතර මහජන ආරක්ෂක අමාත්‍ය, රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසුවේ, “දැනට තියෙන ව්‍යවස්ථාවෙන්.. දැන් මේ කාති උසාවියක් තියෙනවා. ඒ නිසා නව ව්‍යවස්ථාවෙන්අපි අනිවාර්යයෙන් මේ තියෙන සියලුම ප්‍රශ්න විසඳනවා,” යනුවෙනි.

කාති අධිකරණ අහෝසි කිරීම සිදුකළ යුත්තේ නීති සංශෝධනයකින් බව ජනාධිපති නීතීඥ යු.ආර්.ද සිල්වා මහතා ද පැවසීය.

හෙතෙම පෙන්වාදෙන්නේ දැනට පවතින තත්ත්වය අනුව කාති අධිකරණවල පුරප්පාඩු පිරවීම සිදුකළ යුත්තක් බවය.

“නීති සංශෝධනය කරගැනීම තුළින් දිසා අධිකරණයටත් මෙවැනි බලතල දීම සම්බන්ධව මේ මුස්ලිම් නීතියේ යම් යම් නීති කටයුතු කරගැනීම සඳහා අවස්ථාව දීමට හැකිද කියලා බැලීමට අපි කටයුතු කරමින් යනවා.”

(අද දෙරණ)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!