spot_img
spot_imgspot_img

ජනප්‍රිය ම සුපිලිපන් රාජ්‍ය නිලධාරී සම්මානය ගාල්ල ප්‍රාදේශීය ලේකම්ට

පුවත්

විදෙස්

2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරියා තේරීමේ දී හොඳම රාජ්‍ය නිලධාරීන් 05 දෙනා අතරින් වැඩිම ජනතා කැමැත්ත දිනාගත් රාජ්‍ය නිලධාරිනිය ලෙස ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර අද (24) සම්මානය දිනාගත්තාය. සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් මෙහෙයවූ මෙම තරඟයේ දී අවසන් වටයට එම ආයතනයේ නිර්ණායකයන් අනුව පස්දෙනකු ජයග්‍රාහකයන් ලෙස තෝරාගෙන තිබිණි.

ඒ අනුව 2020 වසරේ සුපිලිපන් රාජ්‍ය නිලධාරීන් ලෙස, මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ සමුපකාර සමිති රෙජිස්ට්‍රාර් චමිලා අතපත්තු, වන සත්ව අඩවි සහකාර චමින්ද අත්තනායක, මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලී රත්නවීර, යාපනය ප්‍රාදේශීය ලේකම් සාම්බසිවම් සුදර්ශන් යන රාජ්‍ය නිලධාරී නිලධාරිනියන් නම් කර තිබිණි.

ඉන් අනතුරුව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් මත විමසුමක් පවත්වා එම පස් දෙනා අතරින් වැඩිම මහජන ප්‍රසාදය දිනාගත් රාජ්‍ය නිලධාරියා තේරීම සිදුකළ අතර එම සම්මානය ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් ඉනෝකා හිමාලී රත්නවීරට හිමිවිය.

සම්මාන ප්‍රදානය සිදුකරන ලද්දේ සීමා නිර්ණය කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සුරතිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!