spot_img
spot_imgspot_img

ගාල්ල බන්ධනාගාරයෙන් කොරෝනා මරණයක්

පුවත්

විදෙස්

ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටිය දී හදසිියේ රෝගී වූ 60 හැවිරිදි පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමින් සිටිය දී මියගොස් ඇති අතර ඔහු කොරෝනා ආසාදිත බව මළ සිරුරෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය පවසයි.

මෙම පුද්ගලයා අත් කකුල් පණ නැතිව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී සුව කළ නොහැකි බව පවසා යළි බන්ධනාගාරයට එවා ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි. ආහාර ගැනීමේ අපහසුතාවෙන් පෙළෙමින් සිටි ඔහු එකම ඉරියව්වකින් සිටීම හේතුවෙන් සිරුරේ තුවාල පවා හටගෙන තිබූ අයකු බව ද පැවසේ.

කෙසේ වෙතත් දින 04කට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයක ප්‍රතිඵල අනුව ඒ වනවිට ඔහුට කොරෝනා ආසාදනය වී තිබී නැත.

මෙම මරණය සමග ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 09ක් දක්වා ඉහළ යයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!