spot_img
spot_imgspot_img

දොස්තරට පහරදුන් පැණි ධම්මිකට පොලිස් සහය? හිරු මාධ්‍යවේදීන් මඟහරියි

පුවත්

විදෙස්

පැණි ධම්මික විසින් පේරාදෙණිය රොහ්ලේ දන්ත වෛද්‍යවරයකුට පහර දී බලෙන් රඳවාගැනීමේ සිද්ධිය සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පරික්ෂණ යටපත් කිරීමට බලපෑම් නොකරන ලෙස රජයේ‍ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලා සිටියි.

මෙම පහරදීම සම්බන්ධයෙන් එම සංගමය මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහි දී සංගමයේ ලේකම් විපුල වික්‍රමසිංහ කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු නොවන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතිර්ණ වන බවයි.

ධම්මික පැණිය පානය කළ සෞඛ්‍ය ඇමතිනිය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත, කෑගල්ල ප්‍රාදේශී්‍ය සභාවේ ශ්‍රී ලකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ශිලන්ත විජේපාල ඇතුළු කිහිප දෙනෙකුට ම කොරෝනා ආසාදනය වී ඇති බව පසුගිය දා තහවුරු වී තිබේ.

මේ අතර පැණි ධම්මික මේ ද්‍රාවණය අඩංගු බෝතලයක් රුපියල් 10,000.00 වැනි අධික මුදලකට අළෙවි කරන බව මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසු යළි පසුගිය 21 වැනි දා නොමිළයේ කිහිප දෙනෙකුට පැණි ලබා දී තිබිණි.

අටමස්ථානාධිපති හිමියන් හමුවී එතැන දී තමන් කාලි අම්මා බව කියමින් හැසිරුණු මෙම පුද්ගලයා, දන්ත වෛද්‍යවරයාට පහර දී සිරකරගෙන සිටියේ තම සහචරයන් ලවා ඔහුට පහර දීමක් ද සිදුකරමිනි. මෙම වෛද්‍යවරයා විසින් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ද කර තිබිණි.

මෙම කරුණ සම්බන්ධයෙන් විමසා බැලීමට හිරු මාධ්‍ය ආයතනයේ කණ්ඩායමක් ඊයේ (22) ඔහුගෙන් කලින් වෙන්කරවාගත් වේලාවකට එහි ගොස් සිටිය ද පැණි ධම්මික එම හමුව මඟහැර ගොස් තිබිණි. කෙසේ වෙතත් නිවසේ සිටි තරුණයකු හිරු වාර්තාකරු සාලිය ගමසිංහට පැණි ධම්මික දුරකථනයෙන් සම්බන්ධ කර දීමට කටයුතු කළේය. තමන් නිවසට පැමිණෙන තුරු සිටින ලෙස ඔහු දැනුම් දී ති‍බිණි.

ඒ අනුව හිරු කණ්ඩායම පැය කිහිපයක් නිවස ආසන්නයේ රැඳී සිටි අතර සවස 5.28ට පමණ ඔහු දුරකථනයෙන් පවසා ඇත්තේ පැණිය බෙදාදීමට වරකාපොළ ‍පොලිසිය වෙත පැමිණි බවයි. එසේ ම නිට්ටඹුව පොලිසියට යාමට නියෝගයක් ලැබී ඇති බව ද පැවසූ ඔහු තමන් සමඟ සාකච්ඡා  කරන්නේ නම් අනවශ්‍ය ප්‍රශ්න නොඅසන ලෙසත් අනවශ්‍ය ප්‍රශ්න ඇසුවහොත් අම්මාට තරහා ‍ගොස් කුමකින් කුමක් කරයිද යන්න කිව නොහැකි බවත් පවසයි.

කෙසේ වෙතත් දුරකථන ඇමතුම ලබා දී ටික වේලාවකින් ධම්මික බණ්ඩර සිය සුඛෝපභෝගී රථයෙන් නිවසට පැමිණි අතර ඔහු නිවසට ඇතුළු වූ වහාම ගේට්ටුව වසා දැමීමට එහි සිටි පිරිසක් කටයුතු කරන ලදී. ඉන් පසු පිටත සිටින කිසිවෙකුට ඇතුළත දර්ශනය නොවන පරිදි ගේට්ටුවේ ඇති සිදුරු ද ලෑලිවලින් වසා දැමීට ඔවුහු කටයුතු කළහ.

ඉන්පසු වරකාපොළ පොලිසියේ නිලධරීන් දෙදෙනකු පැණි ධම්මිකගේ නිවසට ඇතුළු වූ අතර කෙටි වේලාවකින් එම නිලධාරීන් පැමිණ හිරු මාධ්‍ය කණ්ඩායමට පවසා ඇත්තේ ධම්මික බණ්ඩාර අසනීපයෙන් පසුවන බැවින් එම ස්ථානයෙන් පිටත්ව යන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!