spot_img
spot_imgspot_img

සෞඛ්‍ය ඇමතිනියට කොරෝනා. පැණිය පල් වෙයි. මුට්ටිය ගඟේ යයි

පුවත්

විදෙස්

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා ආසාදනය වී ඇති බව රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇතැයි බීබීසී සිංහල සේවය වාර්තාරකයි.

එම ඇන්ටිජන් පරීක්ෂණ වාර්තාව ලැබීම් සමඟ ඊයේ (22) ඇය පීසීආර් පරීක්ෂණයකට ලක්කර නිවසේ ම නිරෝධායනය වීමට සළස්වා ඇති බව ද විශ්වාසදායක ආරංචිමාර්ග සඳහන් කරයි. පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ගවලට සෞඛ්‍ය ඇමතිනිය යොමුකිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් විමසීමට අමාත්‍යවරිය සම්බන්ධ කරගත නොහැකි අතර ඇගේ කාර්ය මණ්ඩලය සහ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් දැනුම්වත් වී නැති බවයි.

කොරෝනා වසංගතයට ඖෂධයක් ලෙස ධම්මික පැණිය හඳුන්වාදීමේ දී ප්‍රසිද්ධියේ ම පැණිය පානය කිරීම, කොරෝනා දුරු කිරීම සඳහා ජල මුට්ටි ගඟේ  පා කිරීම වැනි කාර්යයන්ට සම්බන්ධව කටයුතු කළ සෞඛ්‍ය ඇමතිනියට අමතරව මේ වනවිට ඇමතිවරු තිදෙනකු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 04 දෙනකුට කොරෝනා ආසාදනය වී තිබේ අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ඒ සිව්දෙනා වෙයි.

කොරෝනා වසංගතය හමුවේ මිත්‍යාවන් පසුපස නොයන ලෙසත් සෞඛ්‍ය නීති පිළිපදින ලෙසත් සෞඛ්‍ය බලධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!