spot_img
spot_imgspot_img

කොරෝනා සමාජගතවී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය කියයි

පුවත්

විදෙස්

කොරොනා වසංගතය ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇති බව පිළිගත යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද (22) පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මේ බව කියා සිටියේය. හෙතෙම වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට දෛනිකව වාර්තාවන රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි. එමෙන්ම මූලාශ්‍රයක් සොයාගත නොහැකි රෝගීන් වාර්තාවන බව ද වෛද්‍ය අලුත්ගේ කියා සිටියේය.

එහි දී අදහස් දැක්වූ වෛද්‍යවරයා මෙසේ ද කීවේය.

“මේ වනවිට රෝගීන් වැඩිවන ආකාරය අනුව අපිට පැහැදිලියි ඉදිරිියේ දී සිදුවන මරණ සංඛ්‍යාවත් වැඩි වේවි කියා. පසුගිය කාලයේ කොරෝනා ආසාදිත වීමේ ප්‍රතිශතය තිබුණේ 3%ක මට්ටමේ. නමුත් දැන් එය 5.5% දක්වා වැඩි වෙලා තියෙනවා. මෙයින් පැහැදිලිය කොරෝනා වසංගතයෙ සමාජ ව්‍යාප්තියක් තිබෙන බව. එ් නිසා අපි දැන් මේ සමාජ යථාර්ථයට මුහුණ දිය යුතුයි මේ වනවිට සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවකයන්, වෛද්‍යවරු, හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සියලු දෙනා ආසාදිතයන් වෙමින් තිබෙනවා. දෙවැනි රැල්ලේ දී පමණක් වෛද්‍යවරු100කට ආසන්න පිරිසක් ආසාදිත වෙලා තියෙනවා. මේ වනවිටත් වෛද්‍යවරු 40ක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටිනවා. මේ විදියට රෝගින් වැඩිවීමේ දී අපට මුහුණ දෙන්න වෙන ගැටලුවක් තමයි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයත් ආසාදිතයන් බවට පත්වුවහොත් මේ තත්ත්වය වඩාත් දරුණු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!