කාලි අම්මා පැවසූ කොරෝනා ඖෂධයක් බව කියමින් රාජ්‍ය අනුග්‍රහය ඇතිව පැණියක් බෙදා දීමේ නිරත වූ කෑගල්ලේ බාස් වෛද්‍යවරයකුට පහර දී ජංගම දුරකථනය ද කුඩුකර නිවාස අඩස්සියේ තබා ගැනීම හේතුවෙන් ධම්මික පැණි නිෂ්පාදකයා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇත.
මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයාගේ උපදෙස් මත පරික්ෂණ කටයුත්තක් සඳහා ධම්මික පැණියේ සාම්පල කිහිපයක් ගැනීමට දන්ත ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්.ඒ.ආර්.මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් ධම්මිකගේ කෑගල්ලේ නිවස වෙත පසුගිය 11 වැනි සඳුදා ගොස් ඇත. වෛද්‍යවරුන් පැමිණි කාරණය විමසීමෙන් අනතුරුව ඔහු සමස්ත වෛද්‍ය ප්‍රජාටව බැණ වැදුණු බවත් එම අවස්ථාව පටිගත කළා යැයි කියමින් ඔහු වටා සිටි පිරිසක් තමන්ට පහර දී දුරකථනය දුරකථනයේ තිබූ දත්ත විනාශ කර දවල් 12.00 සිට එදින මධ්‍යම රාත්‍රී 12.00 වනතුරු නිවසේ අත්අඩංගුවේ තබාගත් බවත් වෛද්‍ය මද්දුමබණ්ඩාර විසින් පේරාදෙණිය පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
පසුව එදින රාත්‍රී යළි කෑගල්ලේ පස් පාගන්නට එපා යැයි තර්ජනය කරමින් තමන් ඇතුළු කණ්ඩායම එළවා දැමූ බව ද වෛද්‍යවරයා කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
මේ වනවිට ධම්මික පැණිය පානය කළ රාජ්‍ය අමාත්‍යවරයකු , ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ඇතුළු 20ක පමණ පිරිසක් කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානවෙත යොමුකර සිටිති.
වෛද්‍යවරයා විසින් පේරාදෙණිය පොලිසියට කරන ලද පැමිණිල්ල පිළිබඳ කෑගල්ල පොලිසිය දැනුම්වත් කර ඇති අතර කෑගල්ලෙ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
පොලිස් ආරංචිමාර්ග පවසන්නේ මෙම පැමිණිල්ලට අනුව කෑගල්ලේ ධම්මික ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට නියමිත බවයි.