spot_img
spot_imgspot_img

කොළඹ ලැඟුම්හළක දී මියගිය ඉන්දීය ජාතිකයාට කොරෝනා

පුවත්

විදෙස්

කොළඹ කොල්ලුපිටියේ ලැඟුම්හළක දී මියගිය ඉන්දීය ජාතිකයා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා නවාතැන් ගෙන සිටි ලැඟුම්හලේ දී ම මියගොස් සිටියදී සොයාගෙන තිබිණි. ඔහුගේ දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට ගෙන ඒමෙන් පසු ඉන් ලබාගත් ජෛව සාම්පල පීසීආර් වාර්තාව අද (19) උදෑසන නිකුත් කර තිබිණි. ඉන් තහවුරු වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිත අයකු බවයි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය තානාපති කාර්යාලයට දැනුම් දීමෙන් පසු කොළඹ බෝවන රෝග විද්‍යායතනයෙන් ඒ පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිසිය පවසයි. ‍ඒ පිළිබඳ අවශ්‍ය කටයුතු මේ වනවිට කරගෙන යන බව ද පොලිසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!