spot_img
spot_imgspot_img

ආගන්තුක වයිරස් රෝගයක් මෙරට හරකුන් අතර පැතිරෙයි

පුවත්

විදෙස්

හරකුන් අතර පැතිරයන ‍වයිරස් රෝගයක් ප්‍රදේශ පකිහිපයකින් වාර්තා වී ඇතැයි සත්ත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

මෙම රෝගය ලම්පි සකින් ඩිසීස් lumpy skin disease නමින් හඳුන්වයි.

මේ වනවිටත් එය පොළොන්නරුව, අනුරාධපුරය, මහනුවර ඇතුළු ගවයන් ඇතිකරන ප්‍රදේශ කිහිපයකින් ම වාර්තා වී තිබේ. සමේ තුවාල සහ ගැටිති ඇතිවන අතර උණ වැනි රෝග ලක්ෂණ මෙම රෝගය සමඟ ගවයන් තුළ දක්නට ලැබේ. ‍පශු වෛද්‍යවරු පවසන්නේ මෙය මැස්සන් මගින් බෝවන රෝගයක් බවයි.

සත්ත්ව නිෂ්පාදන සෞඛය දෙපාර්තමේන්තුවේ සත්ත්ව සෞඛ්‍ය අංශය භාර වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු පවසන්නේ මෙය ලේ උරාබොන මැස්සන්ගෙන් බෝවන රෝගයක් බවයි. ලෝකයේ රටවල් කිහිපයකින් මේ රෝගය වාර්තා වී තිබුණ ද මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ බව ද කුමාරවඩු කීවේය. මෙය මුලින්ම පසුගිය සැප්තැම්බර් මාසයේ දී වාර්තා වී තිබිණි.

“මේ රෝගය නිසා සතුන්ගේ සිරුර පුරාම ගැටිති හටගන්නවා. උණ ඇතිවෙනවා. නාසයෙන් හා ඇස්වලින් ශ්‍රාවයන් පිටවනවා. රෝගය වැළඳුණු සතුන් කෑම නොගෙන පැත්තකට වී සිටිනවා. කිරි දොවන සතෙක්නම් නිෂ්පාදනය වන කිරි ප්‍රමාණය අඩු වෙනවා. මේ වනවිට රෝගය පාලන කිරීමට අවශ්‍ය උපදෙස් ගවයන් ඇතිකරන අයට ලබා දී තිබෙන අතර ඒ අසඳහා අවශ්‍ය සියලු පියවර අරගෙන තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!