spot_img
spot_imgspot_img

කොරෝනා මරණ 222ක් වෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ සිදු වූ කොරෝනා මරණ සංඛ්‍යාව අද (07) 222 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කරයි. සෞඛ්‍ය ‍සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද තවත් මරණ තුනක තොරතුරු නිකුත් කිරීම හේතුවෙනි

මෙලෙස තොරතුරු ලබාදුන් මරණ පහත දැක්වෙයි

  1. මීකිරිගල පදිංචි වයස අවුරුදු 53ක පිරිමි පුද්ගලයෙකි. වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (6) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ කොරෝනා ආසාදනය හා අපස්මාරයයි
  2. බේරුවල පදිංචි 62 හැවිරිදි පිරිමි පුද්ගලයකු ඉරණවිල මූලික රෝහලේ සිට ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරු කර එවා සිටිය දී අද (07) මියගොස් තිබේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා නියුමෝනියාව, ද්විතීක ලේ විෂවීම සහ වකුගඩු ආසාදනයකි.
  3. කො‍ළඹ 14 පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඊයේ (06) මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නියුමෝනියාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!