ජෛව විවිධත්වය අපගේ ජීවිත ආරක්ෂාවට හේතුවන නමුත් මේ වනවිට එය දැඩි තර්ජනයකට ලක්ව තිබේ. කොරෝනා අර්බුදය අපේ ජීවිත සියල්ල වෙන්සකර ඇත. ජෛව විවිධත්වය වඩාත් හොඳින් සංරක්ෂණය කිරීමේ තීරණාත්මක අවශ්‍යතාව ද එමගින් වඩාත් අවධාරණය කෙරෙමින් පවතී. අපේ ජීවිත හා ආර්ථිකයන් සොබා දහම මත රඳා පවතී.
ප්‍රංශය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක බැංකුව සමඟ එක්ව 2021 ජනවාරි ස 11 වැනි දින පැරිසියේ දී ජෛව විවිධත්වය සඳහා “එක් ග්‍රහලෝක සමුළුවක්” සංවිධානය කරයි.
මෙම සමුළුවට රාජ්‍යය හා රජයේ ප්‍රධානීන්, ජාත්‍යන්තර සංවිධාන, මූල්‍ය ආයතන, සමාගම් සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන් එක්රැස් වෙයි. ඔවුන්ගේ කැපවීම් ජෛව විවිධත්වය සුරැකීමට හා ප්‍රතිෂ්ථාපනය කිරීමට සහ අපගේ ආර්ථිකයන්හි පද්ධතිමය පරිවර්ථනයන්ට නායකත්වය දීම ටස්ථිර ක්‍රියාමාර්ගවලට මඟ පෙන්වන බව නිරූපනය කරයි.
මම සමුළුව 2021 සොබාදහම සඳහා දේශපාලන බලමුලු ගැන්වීමේ ප්‍රධාන සංධිස්ථානයක් වන අතර එය ජෛව විවිධතව්ය පිළිබඳ අභිලාෂකාමී නව ජාත්‍යන්තර ගිවිසුමකට මඟ පෑදිය යුතුය.
මේ සියල්ල සඳ ඔබ අප සැවොම ක්‍රියාත්මක විය යුතු කාලයයි. අප සෑම කෙනෙකුටම ඉටු කළ යුතු කාර්යභාරයක් තිබේ. අපගේ පෘථිවිය සුරක්ෂිතව තබාගැනීම සඳහා සාමූහිකව විසඳුම් සකස් කරමු.
මාර්ගගතව පැවැත්වෙන මෙම සමුළුවට එක්වන්න ඔබටත් හැකියාව තිබේ. පහත සබැඳියට යන්න
https://oneplanetsummit2021.site.calypso-event.net/en/