spot_img
spot_imgspot_img

ගාල්ලේ 400ක් සමඟ දකුණෙන් ආසාදිතයන් 681ක්

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 681ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ සංඛ්‍යාලේඛන අනුව ඉන් වැඩිම පිරිසක් වූ 400ක් වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙනි. මාතර දිස්ත්‍රික්කයෙන් 224 දෙනකු හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 57 දෙනකු වාර්තා වී ඇත.

දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ පවසන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 167ක්, මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 68ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 23 දෙනකු මේ වනවිට සුවය ලබා පැමිණ ඇති බවයි.  

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 2015 ක්, මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 1640ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 713 ක් නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඔවුන් සියලුම දෙනා පවුල් 1719ක සමාජිකයෝ වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!