-1 C
New York

කොරෝනා ආසාදිත මරණය ආදාහනය කිරීමට එරෙහි උසාවි නියෝගයක්

Published:

ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ අද (21) නියෝග කළාය.

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කළේ එම මරණය කොරෝනා මරණයක් බවට තීරණය කිරීමෙන් අනතුරුව ආදාහනය කිරීම සඳහා යොමුකරන බවට අධිකරණ වෛද්‍යවරුන්ග‌ේ නිර්දේශය මත ගාල්ල ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණපරීක්ෂකවරයා පවසන ලද බවත්, කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු අධ්‍යයනය කරමින් සිටින බැවින් ඒ පිළිබඳ අවසන් තීන්දුව ලැබෙන තුරු සිරුර ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් දෙන ලෙස කරන ලද ඉල්ලීම සැළකිල්ලට ගනිමිනි.

කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ අගමැතිවරයා සමඟ අධිකරණ අමාත්‍ය අලි සබ්රි ඇතුළු මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළු නියෝජිතයන් සෞඛ්‍ය නිලධාරීන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වූ රැස්වීමක දී සාකච්ඡා කළ පිරිදි ශීතාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට යවන ලද ලිපියක් ද පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එම කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහ‌ේස්ත්‍රාත්තුමිය කොරෝනා මළ සිරුරු භූමදානය කිරීමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසන් තීරණයක් ලැබෙන තුරු දෙද්දුගොඩ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී මියගිය 84 හැවිරිදි පුද්ලයාගේ මළ සිරුර ශීතාගාරයක් තුළ තැන්පත් කර තබන ලෙස නියෝග කළාය.

ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය විසින් මෙම පැමිණිල්ල මෙහෙයවූ අතර ජ්‍යේෂඨ නීතිඥ ගසාලි හුසේන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

(අද 21 දිනයේ මියගිය තැනැත්තාගේ ඥාතීන් දේහය ආදාහනය කිරීමට එරෙහිව අධිකරණයේ පිහිට පතන බවට අප විසින් ඊයේ පළකරන ලද ලිපිය මෙම සබැඳියෙන්)

Related articles

Recent articles

spot_img