spot_img
spot_imgspot_img

එන්නත ගෙන්වීමට රජය ලෝක බැංකු ණය අපේක්ෂාවෙන්

පුවත්

විදෙස්

කොරෝනා එන්නත මිල දී ගැනීම සඳා රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබාගැනීම පිළිබඳ ලෝක බැංකුව සමඟ සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

ලෝක බැංකුව සමඟ මේ පිළිබඳ සාකච්ඡා කරන අතරතුර ආසියානු සංවර්ධන බැංකුව සහ යුරෝපා සංගමය වෙතින් ද අරමුදල් ලබාගැනීමෙම් හැකියාව සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් කෙරෙන ජාත්‍යන්තර එන්නත් වැඩසටහන යටතේ මෙරට ජනගහනයෙන් සියයට 20කට එන්නත ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය දැනටමත් දැනුම් දී ඇත.
 
ආනයනය කරන එන්නත සහ එහි පිරිවැය ඵලදායීතාව මත අදාළ එන්නත් ආනයනය කිරීමේ වියදම තීරණය වන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.         

ලෝක බැංකුව සමඟ සාකච්ඡා කරන අතරවාරයේදීම, එන්නත් මිලදී ගැනීම සඳහා ප්‍රදානයක් ලබාගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇතැයි හෙතෙම කීය.

එන්නත් මිලදී ගැනීම සහ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියේදී වැඩි වියදම් දැරීමට සිදුවනු ඇත්තේ ඍණ උෂ්ණත්ව තත්ත්ව යටතේ ඒවා ගබඩා කිරීමේ ක්‍රියාවලියට යැයි ද ඔහු කීවේය.         

සෞඛ්‍ය සේවකයන්ට මුලින්ම එන්නත ලබාදෙන බවත් ඊට පසුව එන්නත් ලබාදීමේ දී ප්‍රමුඛත්වය දිය යුත්තේ කාටදැයි තීරණය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් මේ වනවිට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකාව එන්නත් ලබාගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් කළ යුතු යැයි ද මෙරටට කොතරම් ඉක්මනින් එන්නත ලැබෙන්නේ ද යන්න තීරණය වන්නේ එන්නත කොතරම් ඉක්මනින් එන්නත ඇණවුම් කරන්නේ ද යන කරුණ මත යැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!