spot_img
spot_imgspot_img

අධිකරණවල නඩු 781,361ක්. විනිශ්චයකාරවරුන්ට දරාගත නොහැකි තත්ත්වයක්

පුවත්

විදෙස්

අධිකරණවල විසඳීමට තිබෙන නඩු සංඛ්‍යාව 781,361ක් බව අධිකරණ අමාත්‍යාංශය රජයට දැනුම් දී තිබේ. ඉන් නඩු 777,029ක් ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ, වාණිජ මහාධිකරණ, විශේෂ මහාධිකරණ, මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ ළමා මහේස්ත්‍රාත් අධිකරණවල පවතින නඩු වන අතර නඩු 4,332ක් කම්කරු විනිශ්චය සබාවල පවතින බව ද අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විශේෂ වාර්තාවක් මගින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු 4,767ක් ද, අභියාචනාධිකරණ හමුවේ නඩු 4,065ක් ද, පළාත් බද සිවිල් අභියාචනාධිකරණ හමුවේ නඩු 7,256ක් ද වාණිජ මහාධිකරණ හමුවේ නඩු 6,813ක් ද, විහේෂ මහාධිකරණවල නඩු 4ක් ද, මහාධිකරණ හමුවේ නඩු 234,058ක් ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 493,813ක් ද ළමා මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු 1,158ක් ද ඇති බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මෙම නඩු කඩිනමින් විසඳීම සඳහා වන යෝජනාවලියක් ද ඇමතිවරාය සිය වාර්තාව මගින් රජයට ඉදිරිපත් කර ඇත.

යල්පැන ගිය නීති යාවත්කාලීන කිරීමට නීති ප්‍රතිසංස්කරණය කිරීම, නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේ්නතුවේ දාරිතාව වැඩි කිරීම, සමස්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම එම යෝජනා අතර වෙයි.

මෙරට අධිකරණ පද්ධතිය තුළ දැනට ඇති නඩු ප්‍රමාණය දැනට සිටින විනිශ්චයකාරවරුන්ට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.

මේ අතර, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් අභියාචනාධිකරණයේ විනිසුරුවන් සංඛ්‍යාව 12 සිට 20 දක්වාත් රජය දැනටමත් වැඩිකරනු ලැබ තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!