කොරෝනා ආසාදිතයන් සම්බන්ධ කටයුතුවල දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටලවල පවතින හිඟය හේතුවෙන් දැඩි අපහසුතා විඳින්නට සිදුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පවසන්නේ දැනට ඇති ඇඳුම් කට්ටල විෂබීජහරණය කරමින් භාවිතා කරන බවයි. එබැවින් එම ඇඳුම් කළමනාකරණය කරගැනීම අපහසු වී ඇතියි ඔහු පෙන්වාදෙයි.
රජයට මේ සඳහා විශාල මුදලක් දැරීමට නොහැකි බැවින් පෞද්ගලික ආයයතනවලින් හෝ පරිත්‍යාගශීලීන්ගෙන් සහනයක් ලබාදෙන්නේ නම් එය මේ අවස්ථාවේ ඉතා වැදගත් බව ද බාලසූරිය පැවසීය.