spot_img
spot_imgspot_img

බන්ධනාගාර රැඳවියන්ට පොදු සමාව දෙන අයුරු

පුවත්

විදෙස්

බන්ධනාගාර තුළ ඇති තදබදය අවම කිරීම මගින් කොරෝනා පැතිරීම වැළැක්වීමේ අරමුණින් දීර්ඝකාලීන සිර දඬුවම් විදින සිරකරුවන්ට විශේෂ පොදු සමාවක් ලබාදීම සඳහා රජය නිර්ණායක සකස්කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියට අනුව සිරකුරුවන්ට සමාව ලබාදීමට ජනාධිපතිවරයාට පැවරෙන බලය ප්‍රකාරව මේ පිළිබඳ කටයුතු කරන ලෙස දන්වමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධීකරණ අමාත්‍යාංශයේ ලේකම් වෙත අලිපියක් යවමින් සමාව සඳහා නිර්දේශ කළ හැකි නිර්ණායකයන් විස්තර කර ඇත.

නොවැම්බර් 20 දින වනවිට දීර්ඝකාලීනව සිරදඬුවම් විදින ලද සිරකරුවන්ට මෙහි දී සළකා බලනු ඇත. වයස අවුරුදු 65ට වැඩි සහ දැනටමත් ඔවුන්ගේ දඬුවම්වලින් අඩක් හෝ වැඩි ගණනක් ගත කර ඇති සිරකරුවන් ද පොදු සමාව සඳහා සුදුසුකම් ලබයි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සහ මහාධිකරණය විසින් වරදකරු වූ දින සිට මේ දක්වා වසර 25ක් ගත කර ඇති ඇය ද ජනාධිපති සමාව සඳහා සුදුසුකම් ලබනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!