කුරුණෑගල, කළුතර හා මධ්‍යම පළාතේ කාරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මෙම ප්‍රදේශවලින් යළි රෝගීන් වාර්තා වෙමින් පවතින අතර ඔවුන්ගේ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රමාදවීමෙන් එලෙස රෝගය පැතිරයාමේ අවධානමක් ඇතිවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
පසුගිය දිනවල රෝගීන් හඳුනාගනු ලැබුවේ දින කීපයකට පෙර පවත්වන ලද පී.සී.ආර්. පරීක්ෂණවලින් බව ද එම ප්‍රතිඵල ප්‍රමාදවන විට ඔවුන්ගේ ආශ්‍රිතයන් ආසාදනය වී සිටියේනම් එවැනි ආශ්‍රිතයන් හරහා වෛරසය වෙනත් අයට පැතිරයන බව ද වෛද්‍යවරයා පවසයි.
මේ දක්වාම ශ්‍රී ලංකාවේ පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලබන්නේ දිනකට 10,000ක පමණ ප්‍රමාණයකි. රෝගීන් සංඛ්‍යාත්මකව වැඩිවන විට දිනකට පීසීආර් සඳහා ලැබෙන සාම්පල ප්‍රමාණය වැඩිවෙමින් පවතින බැවින් ඒවායේ වාර්තා ලබාගැනීම ප්‍රමාදවන බව ද වෛද්‍යවරු කියති.
(මූලාශ්‍රය – ඉරිදා ලංකාදීප)