3.9 C
New York

කොළඹින් තවත් මරණ 04ක්. තුනක්ම රෝහලට ගෙන ඒමට පෙර

Published:

කොරෝනා හේතුවෙන් මියගිය තවත් පුද්ගලයන් 04 දෙනකු පිළිබඳ තොරතුරු අද (22) රාත්‍රී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ප්‍රකශයට පත්කර ඇත.

කොළඹ 12 පදිංචි 53 හැවිරිදි පිරිමි පුද්ගලයකු සුගිය 20 වැනි දින මියගොස් ඇත. ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන විට මියගොස් ඇති බවත් නිධන්ගත පෙනහලු රෝගයක් සමග කොරෝනා උත්සන්න වීම මරණයට හේතුව ලෙසත් දක්වා ඇත.

මෙලෙස මියගොස් ඇති සිව්දෙනා අතර කොළඹ 15 පදිංචි 70 හැවිරිදි කාන්තාවක් සිටියි. ඇය පසුගිය 21 වැනි දා  කොළඹ ජාතික රෝහලට ඇතුලු කරද්දී මියගොස් ිසටි බවත් මරණයට හේතුව කොරෝනා සමග ඇතිවූ නිව්මෝනියා තත්ත්වය බවත් දක්වා ඇත.

බොරැල්ල පදිංචි 84 හැවිරිදි කාන්තාව්ක ඊයේ (21) නිවසේ දී ම මියගොස් සිටි බවත් මරණ පරීක්ෂණයේ දී කොරෝනා ආසාදනය වීමෙන් ඇතිවූ නිව්මෝනියාව හේතුවෙන් මරණය සිදුව ඇති බවත් අනාවරණය වී තිබේ.

කොළඹ 10 පදිංචි 75 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ සිට කොරෝනා ආසාදිත බව හඳුනාගෙන අයිඩීඑච් රෝහලට යවා සිටිය දී එම රෝහලේ දැඩි සත්කාර ඒකකේය දී අද මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා සමග උත්සන්න වූ නිව්මෝනියා තත්ත්වය බව දක්වා ඇත.

මේ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 87ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related articles

Recent articles

spot_img