1.4 C
New York

කොරෝනා රෝහලින් පැනගිය කත අල්ලයි

Published:

කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී සිය දරුවා ද සමග පළාගිය ආසාදිත කාන්තාව සොයාගත් බව පොලිසිය පවසයි. ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබද ප්‍රදේශයක සිටිය දී ගම්වාසීන් විසින් සොයාගෙන ඒ බව පොලිසියට දැනුම් දී තිබිණනි.

මෙම කාන්තාව මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාරයේ වයස අවුරුදු දෙකහමාරක් වූ ඇගේ දරුවා ද සමඟ රඳවා සිටිය දී ඇයටත් දරුවාටත් දෙදෙනාටම කොරෝනා ආසාදනය වී තිබිණි. ඒ හේතුවෙන් ඇය කොළඹ අයිඩීඑච් රෝහලට ප්‍රතිකාර සඳහා යොමුකර තිබුණේ දරුවා ද සමගිනි.

මෙසේ සිටිය දී 19 වැනි දින රාත්‍රී දරුවා ද සමඟ රෝහලින් පැන ගිය කාන්තාව තම දරුවා ඥාති නිවසකට භාර දී එතැනින් ද පැන ගොස් තිබිණි. ඇය සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද සෝදිසි මෙහෙයුම් කළ අතර යළි අත්අඩංගුවට ගෙන ඇත්තේ අද රාත්‍රියේය.

Related articles

Recent articles

spot_img