කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 09 දෙනකු පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ලබාදීමෙන් අනතුරුව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ඒ පිළිබඳ තොරතුරු මාධ්‍යයට නිකුත්කර තිබේ.
මෙලෙස වාර්තාවන මරණ පිළිබඳ විස්තර පහත පරිදි දැක්වේ
- කොළඹ 02 පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා ආසාදනය සමඟ ඇතිවූ නිව්මෝනියා තත්ත්වයකි.
- වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත. අධි රුධිර පීඩනය, දියවැඩියාව සමග කොරොනා ආසාදනය වීම හේතුවෙන් මියගොස් ඇත.
- දෙමටගොඩ පදිංචි 89 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලේ දී මියගොස් ඇත මරණයට හේතුවී ඇත්තේ කොරෝනා නිව්මෝනියා තත්ත්වයයි
- කොළඹ 10 පදිංචි 48 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් නිවසේ දී මියගොස් ඇත. කොරෝනා ආසාදනයෙන් ඇතිවූ හෘදයාබාධයකින් මියගොස් ඇත.
- කොළඹ 10 පදිංචි අවුරුදු 72ක පිරිමි පුද්ගලයකු නිවසේ දී මියගොස් ඇත. දියවැඩියාව, අධි රුධිර පීඩනය සමග කොරෝනා ආසාදනයෙන් මරණය සිදුව ඇත.
- කොළඹ 13 පදිංචි 69 හැවිරිදි කාන්තාව්ක නිවසේ දී මියෙගාස් ඇත කොරෝනා ආසාදනයෙන් ඇතිවූ හෘදයාබාධයක් මරණයට හේතු වී ඇත.
- වැල්ලවත්ත පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයකු ජාතික රෝහලේ දී කොරොනා බව හඳුනාගෙන මුල්ලේරියාව මූලික රෝහලට යැවූ පසු මියගොස් ඇත. මරණයට හේතුව කොරෝනා නිව්මෝනියාව සමග බැක්ටීරියා ආසාදනයක් සහ කම්පන තත්ත්වයක් බව දැක්වේ
- වැල්ලම්පිටියේ පදිංචි 75 හැවිරිදි කාන්තාවක් කෙළඹ ජාතික රෝහලේ සිට කොරෝනා බව හඳුනාගෙන හොමාගම රෝහලට යවා ඇති අතර එහි දී මියොගස් තිබේ. කොරෝනා ආසාදනය සමඟ උග්‍ර නිව්මෝනියාව මරණ්‍යට හේතු වී ඇත.
- 76 හැවිරිදි කාන්තාවක් කොළඹ පුද්ගලික රෝහලක සිට කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු අයිඩීඑච් රෝහලට යවා එහිදී මියගොස් ඇත. කොරෝනා සමඟ නිව්මෝනියාව හා ලේ විෂවීම මරණයට හේතුව ලෙස දක්වා ඇත.
මෙම මරණ 09ත් සමඟ මෙරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ.