1.4 C
New York

තවත් ආසාදිතයන් 230ක් එක් වෙයි. අද ආසාදිතයන් 487යි

Published:

කොරෝනා ආසාදිත වූ තවත් පුද්ගලයන් 230ක් වාර්තා වී ඇතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. මේ අනුව අද දිනයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 487 දෙනෙකි.

මේ අනුව සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 19,867ක් දක්වා ඉහළ ගොස් තිබේ.

යුද හමුදාපති ලුතින්න ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ ආසාදිතයන් සියලු දෙනා ම මීට පෙර ආසාදිත බවට හඳුනාගත් අයගේ සමීප ආශ්‍රිතයන් බවයි. ඒ අනුව මිනුවනගොඩ පෑලියගොඩ කොරෝනා පොකුර 16,252ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරට දී සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 74කි.

මේ වනවිට සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව 13,590ක් වන අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6,103 දෙනෙකි.

Related articles

Recent articles

spot_img