2.5 C
New York

ගාල්ල, මාතර, හම්බන්තොට කොරෝනා සම්පූර්ණ විස්තරය

Published:

දකුණු පළාතෙන් අද (21) කොරෝනා ආසාදිතයන් 07 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 03 දෙනකු සහ මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 04 දෙනකු වාර්තා වූ බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් තිදෙනා වාර්තා වී ඇත්තේ අම්බලන්ගොඩ, බලපිටිය සහ කරන්දෙණීය ප්‍රදේශවලිනි. මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් වාර්තා වී ඇත්තේ වැලිපිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 03 දෙනෙක් හා මාලිම්බඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආසාදිතයකු වශයෙනි.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 159ක්, මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 51ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 29ක් වශයෙන් දකුණු පළාතේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 239ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ වනවිට ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 437ක පුද්ගලයන් 1022ක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත. මාතර දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 911ක් ස්වයං නිරෝධායනයට යොමු වී සිටින අතර එම සංඛ්‍යාව පවුල් වශයෙන් 367කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 175ක පුද්ගලයන් 459 දෙනකු මේ දක්වා ස්වයං නිරෝධායනයට යොමුකර සිටියි.

Related articles

Recent articles

spot_img