spot_img
spot_imgspot_img

තවත් කොරෝනා පොකුරක් වැළැක්වීමට අටළුගම හුදකලා කරයි

පුවත්

විදෙස්

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අටළුගම කොරෝනා දෙවැනි රැල්ලේ දී ද හුදකලා කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබේ.

අටළුගම මීට පෙර පසුගිය අප්‍රේල් මාසයේ දී ද හුදකලා කරන ලද්දේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙනි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඊයේ (20) දිනයේ දී කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 21 දෙනා අතරින් 17 දෙනකු ම අටළුගම ග්‍රාම නිලධාරී වසම් 07ක පදිංචිකරුවන් වීම හේතුවෙන් අද (21) සිට අටළුගම යළි තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බවයි.

අටළුගම ප්‍රදේශවාසීන් කිහිප දෙනකු මෙලෙස පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට සිදුවූයේ පසුගිය දා හොරණ මිල්ලණිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් අටළුගම පදිංචිකරුවන් 04 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගැනීම හේතුවෙනි.

කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පවසන්නේ එම සේවිකාවන් අටළුගම ප්‍රදේශයේ ඇසුරු කළ පුද්ගලයන් නිරෝධායනයට යොමු කරමින් මේ වනවිටත් කොරෝනා ආසාදනය වීමට හේතුවූ මූලාශ්‍ර සොයමින් සිටින බවයි. ඉක්මණින්ම එම මූලාශ්‍රය සොයාගත හැකිවනු ඇතැයි ද වෛද්‍යවරයා විශ්වාසය පළ කළේය. එසේ වුව ද අටළුගම ප්‍රදේශයේ කුඩා කොරෝනා පොකුරක් බිහිවීම වැළැක්වීම සඳහා මෙලෙස හුදකලා කිරීමට තීරණය කළ බව ද හෙතෙම කීවේය.

හොරණ නගරයේ වෙළෙඳ සැල් රැසක සේවක සේවිකාවන් අටළුගම පදිංචිකරුවන් බැවින් අද හොරණ නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසක් ද වසා දැමීමට කටයුතු කර තිබිණි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!