2.5 C
New York

ශ්‍රී ලංකාවේ කොරෝනා තත්ත්වය

Published:

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19,279ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර සුව වූ පිරිස 13,271ක් වන අතර තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,935 දෙනෙකි. ඊයේ (20) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණයත් සමඟ මෙරට සිදුවූ මරණ සංඛ්‍යාව 74ක් දක්වා ඉහළ ගියේය.

ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 439 දෙනා අතරින් 435 දෙනකු මෙරට වැසියන් වන අතර ඔවුන් මීට ඉහත කොරෝනා ආසාදිත බව හඳුනාගත් අයගේ සමීතමයන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. අනෙක් සිව්දෙනා අතර විදේශ රටක සිට පැමිණි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂයකු ද සිටියි.

යුද හමුදාපතිවරයා පවසන්නේ මේ වනවිට මිනුවන්ගොඩ ඇඟළුම් කම්හලට හා පෑලියගොඩ මාළු වෙළෙඳ පොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15,761ක් බවයි. මිනුවන්ගොඩ පොකුර 3,059ක් වන අතර පෑලියගොඩ පොකුර 12,702කි.  ඒ අතරින් පුද්ගලයන් 9,905 දෙනකු ම පූර්ණ සුවය ලබා ඇත.

ඊයේ වාර්තා වූ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛයාව 160කි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් 71ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් 21ක් ලෙස රෝගීන් වාර්තා වී තිබේ.

Related articles

Recent articles

spot_img