spot_img
spot_imgspot_img

නීතිඥ ජගත් ගුණවර්ධනට ආචාර්ය උපාධියක් පිරිනමයි

පුවත්

විදෙස්

පරිසරවේදියකු හා පර්යේෂකයකු වන නීතිඥ ජගත් ගුණවර්ධනට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අද (20) ගෞරව ආචාර උපාධියක් පිරිනැමිණි.

විශ්ව විද්‍යාලීය පාලක සභාවේ සහ සනාථන සභාවේ විශේෂ අනුමැතිය මත උප කුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ විසින් මෙම ආචාර්ය උපාධිය ප්‍රධානය කරන ලදී.

දිසානායක ලියනගේ ජගත් චතුරදේව ගුණවර්ධන යන නම් ලැබ තිබුණ ද ජගත් ගුණවර්ධන කියූ සැනින් රටක් හඳුනන හෙතෙම දශක ගණනක් පුරා මෙරට පාරිසරික ක්ෂේත්‍රය වෙනුවෙන් අමිල මෙහෙවරක් සිදුකළේය. ඔහු කරන ලද සේවයට ගෞරවයක් ලෙසත් ජීව විද්‍යාව, පාරිසරික විද්‍යාව, නීතිය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ජගත් ගුණවර්ධනට ඇති දැනුම හා ඔහු කරන ලද සේවය ඇගයීම සඳහා මෙලෙස ආචාර්ය උපාධියක් පිරිනැමීම සුදුසුයැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිදයාලයේ ව්‍යවාහාරික පීඨයට යෝජන කර ඇත්තේ මහාචාර්ය හිරාන් අමරසේකර විසිනි.

මෙම ගෞරව ආචාර්ය උපාධිය පිරිනමමින් උපකුලපති මහාචාර්ය සුදන්ත ලියනගේ මෙසේ කීවේය.

”අපි විශ්වාස කරනවා මේ ඇගයීම හරහා ඔබතුමා රටට කරපු සේවය තවත් විශිෂ්ට ලෙස ඉදිරියටත් කරගෙන යයි කියලා. මෙම ගෞරව ආචාර්ය උපාධිය ලැබුණු විට ඔබතුමා විශිෂ්ටයන්ගේ ලැයිස්තුවට එකතු වෙනවා . අදින් පසුව අපට ඔබතුමාට ආචාර්ය නමින් ආමන්ත්‍රණය කරන්න පුළුවන් .අපි විශ්වාස කරන්නේ ඔබතුමාට ආචාර්ය උපාධිය ලබා දීම තුළින් ඔබතුමා විශ්වවිද්‍යාලයට යම් කිසි ගෞරවයක් ලබා දෙනවා කියලා . ඔබතුමාට මේ විශ්ව විද්‍යාලයේ ගෞරවය පිරිනමනවා.”

(ෂර්ලි උපුල් කුමාර තැබූ සටහනක් ඇසුරෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!