spot_img
spot_imgspot_img

රිච්මන්ඩ් විදුහල්පතිට එරෙහව, මානව හිමිකම් පැමිණිල්ලක්

පුවත්

විදෙස්

රිච්මන්ඩ් විදුහල්පති රුසිර මද්දුමහේවාට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇතැයි එම කොමිෂන් සභාවේ ලේකම් සඳහන් කරයි.

මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයකු විසිනි. මානව හිමිකම් කොමිසම සඳහන් කළේ HRC-HO-1049-25 අංකය යටතේ එම පැමිණිල්ල මේ වනවිට භාරගෙන අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග සඳහා යොමුකර ඇති බවයි.

ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු එම පාසලෙන් ඉවත්ව නීත්‍යානුකූලව අස්වීම් සහතිකය ලබාගෙන මහින්ද විද්‍යාලයට ඇතුළුත් වී ඇති අතර ඔහු මෙවර මහින්ද විද්‍යාලය වෙනුවෙන් “ආදරවන්තයන්ගේ සටන” නමැති මහින්ද රිච්මන්ඩ් ආදරවන්තයනගේ සටනට මහින්ද විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සූදානම්ව සිටියි.

මෙම ක්‍රීඩකයා මහින්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායමේ සංචිතයට ඇතුළත් වූ බව දැනගත් අවස්ථාවේ පටන් රිච්මන්ඩ් විද්‍යාලයීය පාර්ශවයෙන් ඔහු තරඟ කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත. එහි දී රිච්මන්ඩ් විදුහල්පතිවරයා පවසා ඇත්තේ පසුගිය ක්‍රිකට් තරඟ වාරයේ දී ඇලුවීෂියස් විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් පාසල් ක්‍රිකට් සංගමයේ ලියාපදිංචි වූ ක්‍රීඩකයකුට මෙවර මහා තරඟයට මහින්දය නියෝජනය කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් කමලශාන්ත ඉන්ද්‍රජිත්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඇලුවීෂියස් විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස පසුගිය පාසල් ක්‍රිකට් තරඟාවලියට ක්‍රීඩාකළ ක්‍රීඩකයා මේ වනවිට ඇලුවීෂියස් විද්‍යාලයෙන් ඉවත්ව මහින්ද විද්‍යාලයේ සිසුවකු බවට පත්ව සිටීනම් ඔහු මහා තරඟයට ක්‍රීඩා කිරීම ගැටලුවක් නොවන බවයි.

පාසල් අතර පැවැත්වෙන මහා ක්‍රිකට් තරඟ සුහඳ තරඟ බැවින් ඒවාට පාසල් ක්‍රිකට් නීති රීති අදාළ නොවන බවත් මෙවර තරඟය දින තුනක් පැවැත්වෙන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදලක් ලබා දෙන බවත් හෙතෙම කීවේය. මෙම තරඟයට ක්‍රීඩා කරන්නේ කවර ක්‍රීඩකයකු ද එම ක්‍රීඩකයා පාසල් ක්‍රිකට් සංගමයේ ලියාපදිංචිද නැද්ද යන්න හෝ අදාළ නොවන බවත් පාසලේ ඕනෑම සිසුවකුට පාසලට ඇතුළුත් වී සිටීනම් ඒ බව විදුහල්පති පිළිගන්නේ නම් තරඟ කළ හැකියැයි ද ලේකම්වරයා පැවසීය.

රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිර මද්දුමහේවා පසුගිය මාර්තු 30 වැනි දා මහින්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත ලිඛිත දැනුම් දීමක් කරමින් පවසා ඇත්තේ ඇලුවීෂියස් විද්‍යාලයෙන් පැමිණි සිසුවා මහින්ද විද්‍යාලයීය කණ්ඩායම නියෝජනය කරමින් මෙවර 120 වැනි ආදරවන්තයන්ගේ සටනට තරඟ කරන්නේ නම් තර විද්‍යාලයීය කණ්ඩායම තරඟයට නොපැමිණෙන බවයි.

අප මේ පිළිබඳ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයෙන් කරන ලද සොයා බැලීමේ දී අනාවරණය වූයේ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ පිළිගත් මහා ක්‍රිකට් තරඟයක් නොමැති බැවින් එම සිසුවා මහින්ද විද්‍යාලය නියෝජනය කරමින් මහා තරඟයට සහභාගීවීම ඔහු‍ගේ අනාගත ක්‍රිකට් ජීවිතයට වැදගත් විය හැකි බැවින් එම සිසුවාට මහින්ද විද්‍යාලයට ඇතුළත්වීම සඳහා සියලු නීත්‍යානුකූල ලියවිලි ලබාදුන් බවයි. ඔහුට මහින්දයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ අවසරය සහ පාසලෙන් අස්වීමේ සහතිකය ද ලබා දී ඇත.

මානව හිමිකම් කොමිසමෙන් මෙම පැමිණිල්ල පිළිබඳ විමසූ විට දැනගන්නට ලැබුණේ, තමන් නියෝජනය කරනර මහින්ද විද්‍යාලය හෝ තමන් කලින් ඉගෙනුම ලැබූ ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලය හෝ තමන් ක්‍රීඩා කිරීමට කිසිම විරෝධයක් දක්වා නොතිබිය දී තුන්වන පාර්ශවයක් වන ප්‍රතිවාදී රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති රුසිරු මද්දුමහේවා තමන් ක්‍රීඩා කරන්නේ නම් රුපියල් මිලියන ගණනක් වැය කර සංවිධානය කර ඇති තරඟය අත්හිටුවන බවට බලපෑම් කිරීමෙන් තමන්ට වෙනස් කොට සළකමින් තම මානව අයිතිවාසිකම් හෝ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට එම පැමිණිල්ලේ සඳහන් වන බවයි.

මෙම ක්‍රීඩකයා සහභාගී වුවහොත් තරඟය නොපැවැත්වීමටට පවා ඉඩ ඇතැයි රිච්මන්ඩ් විදුහලේ විදුහල්පතිවරයා ලිඛිතව දැනුම් දීමෙන් එම ක්‍රීඩකයාගේ පමණක් නොව මහින්ද විද්‍යාලයේ සියලු ක්‍රීඩකයන්ගේත් විද්‍යාලයී සමස්ත ප්‍රජාවගේත් අයිතිවාසිකම් කඩ කිරීමකට රිච්මන්ඩ් විදුහල්පතිවරයා පිළිතුරු දීමට සිදුවනු ඇතැයි මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පවසයි.

6 COMMENTS

  1. Richmond එකේ principalට ඒ ඉස්කෝලෙ OB එකෙන් බේරෙන්න බැරුව ඇති, දන්න තරමින් ඒ principal හොඳ මානුෂීය කෙනෙක්. කලින් මහින්දෙනෙ හිටියෙ එයා

  2. මේවා සුහද ක්‍රිකට් වෙන්නෙ කොහොමද ? පොඩ්ඩ බැරිවෙනකොට මරාගන්නවා. විදුහල්පති එහෙමනම් කවර කතාද ?

  3. පාසැල් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා වර්තමාන තත්වය එනම් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දී ඇති නිර්දේශය පිලිබඳ අල්ප දැනුමින් යුතුව අදාල ප්‍රකාශය සිදුකර ඇති.බව පෙනෙන අතර මෙම පුවත් වාර්තාව ඉදිරිපත් කර ඇති (තම නම සඳහන් කිරීමට හෝ කශේරුකාවක් නොමැති) වාර්තාකරු රිච්මන්ඩ් විද්‍යාලය පිලිබඳව ද්වේශයෙන් අදාල වාර්තාකරණය සිදුකර ඇති බව පෙනේ.

  4. මහින්ද විද්‍යාලයට හිතුනු හිතුනු ආකාරයට කණ්ඩායමට ක්‍රීඩකයන් ආදේශ කරන්න මේක IPL තරගයක් නොවන බව සියලුම මහින්ද සහෝදරයන්ටත් මේ ගැන වැරදි වැටහීම් ඇති සියලුම දෙනාට වැටහේවි කියලා මා ප්‍රාර්ථනා කරනවා.
    මේ තරගය දිනුම පැරදුම තීරණය කරනවාටත් වඩා ශතවර්ෂයකට අධික කාලයක් මුලුල්ලේ පවත්වාගෙන එන විදුහල් දෙකටම ඉතා සුවිශේෂී ඌ සම්ප්‍රදායික උත්සවයක්.
    මේ සම්ප්‍රදාය මින් ඉදිරියටත් මේ අයුරින්ම පවත්වාගෙන යාමට දෙවිදුහල් වල සියලුම වගකිවයුත්තන් වගබලා ගත යුතුය. තවත් වසර කිහිපයකින් මේ සම්ප්‍රදායික බවෙන් ඔබ්බට ගොස් ක්‍රීඩක වෙන්දේසියකින් සමන්විත IPL තරග ආකාරයේ ආදරවන්තයන්ගේ සටනක් දැකීමට කිසිම රිච්මන්ඩ්වරයකු ප්‍රාර්ථනා නොකරනු ඇත.
    තරගයට මාස කිහිපයකට ප්‍රතම වෙනත් පාසලක ක්‍රීඩකයකු මහින්ද ක්‍රීඩා කන්ඩායමට ආදේශ කිරීම කිසිසේත්ම අනුමත කල නොහැක. පාසලකින් පාසලකට ශිෂ්‍යයෙකු මාරුවියහැකි නීතිමය ආකාරය ගැන්ස් මාහට නිවැරදි අදහසක් නැතත් පාසල හැරයාම මාස 05ක් පමණ සුළු කාලයක් තිබියදී පාසල මාරු කිරීම හුදෙක් මෙම තරගය ඉලක්ක කරගෙන සිදුව් ක්‍රියාවක් බැව් ඕනම මෝඩයකුට තේරෙනු ඇති නමුත් අවාසනාවට මේ ලියුම් කරුවට හා මහින්ද සම හරක්ට නොතේරීම කනගාටුවට කාරන්වකි.
    මෙම සම්ප්‍රදායික ආදරවන්තයන්ගේ සටන තවත් චිරාත් කාලයක් දෙවිදුහල් වලම ගරුත්වය හා සම්ප්‍රදායන් රැකගෙන පැවැත්වීමට සියලුම දෙනාට නැණස පහල වේවායි කියා මා ප්‍රාර්ථනා කරන්නෙමි.

Leave a Reply to Eranga Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!