spot_img
spot_imgspot_img

අනුර වෙනුවට ලක්ෂ්මන් නිපුණආරච්චි

පුවත්

විදෙස්

ජනපති අනුරගෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා ලක්ෂ්මන් නිපුණආරච්චි පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

2020 ජනාධිපතිවරණයේ ප්‍රථිඵල අනුව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මනාප ලයිස්තුවේ ඊලඟ අපේක්ෂකයා වන නිපුනආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව ඔහුට එම තනතුරේ දිව්රුම් දීමට හැකියාව ලැබෙනු ඇත.

නිපුනආරච්චි මීට පෙර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙසත් කටයුතු කර ඇත.

මේ අතර ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ (22) පවසා සිටියේ නව මන්ත්‍රීවරයා පත් කිරීම ඔවුන්ගේ කටයුත්තක් නොවන බවත් එය මැතිවරණ නීතියට අනුව මැතිවරණ කොමිසම විසින් සිදුකළ යුතු බවත්ය.

දිසානායක මහතාට පසුව මනාප ලැයිස්තුවේ මීළඟට සිටින්නේ ලක්ෂ්මන් නිපුණආරච්චි බවත් මැතිවරණ කොමිෂන් සභාව විසින් නව මන්ත්‍රීවරයා ලෙස ඔහු පත් කරන බවත් සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!