3.8 C
New York

ලංකාවේ සිටින ඇමරිකානුවන්ට, එරටින් උපදෙස්

Published:

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බැවින් ජනාධිපතිවරණ කාල සීමාවේදී සහ ඉන් පසු ඕනෑම මොහොතක විරෝධතා ඇති වීමට ඉඩක් තිබෙන බවත් යාවත්කාලීන කළ සංචාරක උපදේශනයේ දැක්වේ.

විරෝධතා විසුරුවීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අවස්ථා තිබෙන බැවින් ජනතාව රැස් වන අවස්ථා ඇතුළුව සියලුම එක්රැස්වීම් මගහැර සිටින ලෙස ඇමෙරිකානු ජනතාවට උපදෙස් දෙන බවත් එහි සඳහන් කර ඇත.

එහි දැක්වෙනනේ ඕනෑම එක්රැස්වීමක් සාමකාමී සාමකාමී ලෙස ඇරඹුන ද මොහොතකින් ප්‍රචණ්ඩකාරී එකක් විය හැකි බවයි.

ඒ හේතුවෙන් සංචාරක ස්ථාන වලට සහ මහජනතාව එක් රැස්වන ස්ථාන වලට යාමේදී තම වටපිටාව පිළිබඳ සැලකිලිමත් වන ලෙස ඇමෙරිකානු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ගම්බද ප්‍රදේශ වල සිටින ඇමෙරිකානු ජාතිකයන්ට ආදිසි අවස්ථාවල සහාය විය හැකි අවස්ථා සීමිත බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත

Related articles

Recent articles

spot_img