3.8 C
New York

ඡන්ද පොළේ දී කලබල කළොත් වෙඩි

Published:

ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ අවශ්‍ය අවස්ථාවල දී භාවිතා කිරීමට යැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපතිවරණ ඡන්ද වීමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ වැඩපිළිවෙලක් දැනටමත් සකස්කර ඇති බව පැවසු අමාත්‍යවරයා මේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ පොලිස් විශේෂ පාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බව පුත්සාහ කළේය.

මේ අතර ඡන්ද පෙට්ටි, ප්‍රවාහනයේදී ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මුලස්ථානය පවසයි.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 54,000 ක් පමණ යෙදවීමට නියමිතය.

Related articles

Recent articles

spot_img