spot_img
spot_imgspot_img

මන්නාරමේ යුද්ධය තවමත් ?

පුවත්

විදෙස්

ප්‍රසන්න ප්‍රදීප් කුමාර විසිනි

උතුරේ වර්ගවාදී අර්බුදය පැවැති කාලයේ ආරක්ෂක හේතූන්වලට යැයි කියමින් යුද, ගුවන් හා නාවික හමුදාව මගින් අත්පත් කරගත් ඉඩම් යුද්ධය අවසන් වී වසර 15ක් ගතවී ඇතත් ඒවායේ හිමිකරුවන්ට ලබා නොදීම හේතුවෙන් මන්නාරමේ ජනතාව දැඩි අසීරුතාවකට ලක්ව සිටිති.

1983 වර්ෂයේ සිට 2009 වර්ෂය දක්වාම මෙරට ආරක්ෂක අංශ මෙන්ම එල්ටීටීඊ සංවිධානය විසින්  වරින් වර අත්පත් කරගත් පාරම්පරික ඉඩම් අතරින් අක්කර 235ක් මෙතෙක් නිදහස් කර නොමැති බව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් නිකුත් කරන ලද ලේඛනයකින් අනාවරණය වෙයි.

2016 අංක 13 දරණ තොරතුරු දැනැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙතින් කරන ලද ඉල්ලීමකට අනුව අංක MN/GA/ADM/RTI/2023/VL-IV දරන ලිපියේ මෙම කරුණු සඳහන්ව ඇත.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ජනතාව සතුව තිබී ආරක්ෂ අංශ විසින් ජාතික ආරක්ෂාවට බව පවසමින් අත්පත් කරගන්නා ලද ඉඩම්වලින් අක්කර 500ක් නැවත ඒවායේ පාරම්පරික හිමිකරුවන්ට නිදහස් කිරීමට කටයුතු කර ඇති බවයි. එතරම් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට ලේඛන ගත කර ඇතත් මෙතෙක් නිදහස් කර ඇත්තේ ඉඩම් අක්කර 265ක් පමණක් බව ද එහි දක්වා ඇත. ඒ අනුව ‍නිදහස් නොකළ ඉඩම් ප්‍රමාණය අක්කර 235ක් වේ.

මන්නාරම නගරයේ , නනට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මුසලි ප්‍රදේශිය ලේකම් කොකොට්ඨාසයේ, මාන්තෙයි බටහිර හා මඩු යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙසේ ත්‍රිවිධ හමුදාව හා පොලිසිය තවමත් ආරක්ෂක කටයුතු වෙනුවෙන් යැයි පවසමින් තම පාරම්පරික ඉඩම් අල්ලාගෙන සිටින බව  ඉඩම් අත්පත් කරගෙන සිටින බව ප්‍රදේශ වාසින්බව ප්‍රදේශවාසීහු කියති.  

මන්නාරම ප්‍රදේශයේ පදිංචි එස්.අමලන් සඳහන් කළේ මෙවන් අදහසකි.

“මන්නාරම ප්‍රදේශයේ විශාල වශයෙන් ඉන්නේ ධිවර රැකියාවෙන් ජිවත් වෙන පිරිසක් ඉතින් අපිට ඒ රස්සාව කරන්න පහසු තැන්වල තමයි අපි ජිවත් වුනේ නමුත් දැන් අපේ ඇතැම් ඉඩම් ආරක්ෂක කටයුතු වලට කියලා අත්පත් කරගෙන දැන් යුද්ධය ඉවර වෙලත් අවුරුදු 15 ක් තවමත් අපේ ඉඩම් නිදහස් කරලා නැ ඉතින් අපි කොහොමද අපේ රස්සාව කරන්නේ දැන් අපි විකල්ප ඉඩම් වලට කැමති නැ අපේ ඉඩම් දෙනවා නම් එක ලොකු දෙයක්.”

තමන්ගේ උන්හිටි තැන් අහිමි වූ පිරිස අතුරින් ඇතැමුන් කාන්තා ගෘහමුලික පවුල් වන අතර ඔවුන් මෙම තත්වය තුල දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති බව නිරීක්ෂණය විය.  ඔවුන් අප සමග අදහස් බෙදා ගැනීමට පවා බියක් දක්වයි.

වෙල්ලන් කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිස් තම සාම්ප්‍රධායික ඉඩම් අහිමි වීම හේතුවෙන් මහත් පිඩාවට පත්ව ඇති බවත් යුද්ධය අවසන්ව මෙතෙක් කලක් ගතවුවද ධිවරයින් වන තමන්ට නිදහසේ ධිවර රැකියාව සිදු කිරමට හැකි තම ඉඩම් ආරක්ෂක අංශ අත්පත්කරගෙන සිටින බවත් ඔවුන් පෙන්වා දුන්හ. එම ජනතාව වෙනුවෙන් රජය විසින් විකල්ප ඉඩම් ලබාදී නිවාස ඉදි කර තිබුණ ද එම නිවාස මේ වන විට වල්බිහිව පවතින්නේ ජනතාව එම නිවාස වල පදිංචි වීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි.

එහිදී ජනතාව පෙන්වා දෙන්නේ තමන් මුහුදු රස්සාව කිරීමට නම් එම නිවාසවල සිට කිලෝමීටර් ගණනක් පැමිණිය යුතු බවයි.

යුද්ධය අවසන්ව ඇති බැවින්, තමන් කලින් ජීවත් වූ තම පාරම්පරික ඉඩම් නැවත ලබාදෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.  

ජනතාව තමන්ට ලැබුණු විකල්ප නිවාස ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රජයේ මුදල් කෝටි ගණනක් වැය කර ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් ද විනාශ මුඛයට යමින් තිබේ.

මේ පිළිබද අදහස් දැක්වූ බැස්ටියන් පියතුමා

????????????????????????????????????

“1948 ජේ.ආර්.ජයවර්ධන ආණ්ඩුව කාලේ ලබා දුන්න ඉඩම්වලට දැන් යන්න බැරි වෙලා තියනවා. මොල්ලිකුලම්වල අක්කර 77 ක නිවාස 26 ක් තියනවා. මේ කොටසේ අක්කර 36 ක් වගා බිම් තියනවා. අපේ මිනිස්සු වගා කරපු ඉඩම් වලට ඔප්පු තිබුනත් දැන් යන්න බැ. ඒ ඉඩම් දැන් වනජිවියට අරන්ලු අපේ ඉස්කෝලේ පල්ලිය තියෙන්නේ ආරක්ෂක කලාපෙ කෙනෙක් මියගියාම අවසන් කටයුතු කරන්නත් කිලෝ මීටර 09ක් මළ සිරුර කර තියාගෙන යන්න වෙනවාඒ ප්‍රදේශයේ වැව් කීපයක් තියනවා. ඒවා නිදහස් කරලා ඉඩම් නිදහස් කළා නම් මේ මිනිස්සුන්ට ඊට වඩා මොනවත් ඕනේ නෑ.”

බයිනෙත්තුව අතින් ගෙන කඳවුරු ලාගෙන ඉන්න යුද, ගුවන්, නාවික සහ පොලිසියේ නිලධාරීන්ට මේ මිනිසුන් විඳින වේදනාව තේරෙන්නේ නැත. ඔවුන් කරන්නේ අණ පිළිපැදීම පමණි. රට කරවන ඇත්තෝ මේ ජනතාවගේ අවශ්‍යතාව තේරුම්ගත යුතුය. යුද්ධය නිසා පීඩාවට පත් වූ මේ ජනතාව තවමත් යුද්ධය නිසාම පීඩාවට පත්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!