spot_img
spot_imgspot_img

පළාත් පාලන මැතිවරණය ඉක්මනින් පවත්වන්නැයි නි‍යෝග කරයි

පුවත්

විදෙස්

පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමට අද නියෝග කළේය.

පසුගිය මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා මුදල් අමාත්‍යවරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා ඇතුළු බලධාරීන් විසින් පෙත්සම්කරුවන්ගේ සහ රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, ගාමිණී අමරසේකර සහ යසන්ත කෝදාගොඩ යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේ නිදහස් හා සාධාරණ පළාත් පාලන මැතිවරණයක් පැවැත්වීමට බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරකට අදාළවයි.

සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීනි අමරසූරිය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාමාර්ගය (පැෆ්රල්) විසින් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.   

මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් පෙත්සම්කරුවන් මෙම පෙත්සම් ගොනු කර තිබේ.

ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා SJB ප්‍රධාන ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි අතර ජනාධිපති නීතිඥ Nigel Hatch මහතා හරිනි අමරසූරිය මහත්මිය වෙනුවෙන් පෙනී සිටියේය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා ද, පැෆ්රල් සංවිධානය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අස්තික දේවේන්ද්‍ර ද, මැතිවරණ කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ද, නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ ද පෙනී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!