ගාල්ලේ, හික්කඩුව ආරච්චිකන්ද රෝහලට කොරෝනා රෝගීන් ඇතුළත් කිරීම ඊයේ (18) රාත්‍රියේ ම ආරම්භ කර තිබේ.
අඩුපාඩු රැසක් සහිතව තිබූ මේ රෝහල සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලක් ආර්.කේ.කුලතිස්ස සහ පුද්ගලික සමාගමේ අධිපති ආර්.කේ.කුලතිස්ස මහතා සහ එම මහත්මියගේ පුද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිකර ඊයේ (18) සවස රජයට භාර දීම සිදුකෙරිණි.
කුලතිස්ස මහතා පවසන්නේ එම ගොඩනැගිල්ල සඳහා රුපියල් ලක්ෂ 500කට ආසන්න මුදලක් වැය කළ බවයි. මහල් දෙකකින් යුතුව ඉදිකරන ලද මෙම ගොඩනැගිල්ල කොරෝනා ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැනීමට රජය කටයුතු කර තිබේ.
කුලතිස්ස මහතා පවසන්නේ එම ගොඩනැගිල්ල ඉදිකරන ලද්දේ ළමා හා මාතෘ රෝහලක් සඳහා වුව ද කවර රෝගයක් සඳහා හෝ ඉක්මණින් භාවිතා කිරීම පිළිබඳ තමන් සතුටුවන බවයි. කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස මෙම ගොඩනැගිල්ල යොදා ගැනීමට කඩිනම් කිරීම හේතුවෙන් එහි අඩුපාඩු කිහිපයක් පවතින බවත් කොරෝනා වසංගතය අවසන් වූ පසු එම අඩුපාඩු ද සම්පූර්ණ කර ආගමික කටයුතු ඉටුකර ළමා හා මාතෘ ඒකකයක් සඳහා මේ ගොඩනැගිල්ල රජයට භාරදීමට තමන් කටයුතු කරන බව ද කුලතිස්ස මහතා පවසයි.
මෙම ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සදහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේය. දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා, පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහොන් පී. ද සිල්වා මහතා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණගම මහතා, ගාල්ල දිස්ත්‍රික් සම්න්ධීකරන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරළ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් පැමිණ සිටියහ.
ආරච්චිකන්ද රෝහලේ ආයන ප්‍රධාන වෛද්‍ය නිලධාරී දර්ශන අනුරාධ විසින් තම facebook ගිනුමේ කොරෝනා රෝගීන් ඇතුත් කිරීමේ ඡායාරූප සහිතව සටහනක් තබා තිබිණි. වෛද්‍ය අනුරාධ මෙරට කොරෝනා වසංගතය ආරම්භවූ වකවානුවේ දී පීසීආර් පරීක්ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් පුහුණුවක් සඳහා ඉදිරිපත්වූ පළමු වෛද්‍යවරුන් කිහිප දෙනාගෙන් එක් අයකු වූ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත බවට සැකකරනු ලබන පුද්ගලයන් අතිවිශාල ප්‍රමාණයකගේ පීසීආර් පරීක්ෂණ පවත්වමින් සුවිශාල මෙහෙවරක් ද කළ වෛද්‍යවරයෙකි.