spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා කණ්ඩායම ඔලිම්පික් යයි

පුවත්

විදෙස්

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම අද ප්‍රංශය බලා පිටත්ව යයි. ජාත්‍යන්තර පදක්කම්ලාභී ප්‍රවීණ මලල ක්‍රීඩිකාවක් වන දිල්හානි ලේකම්ගේ කණ්ඩායමට නායකත්වය ලබාදෙයි.

33 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙල ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ඔලිම්පික් සංචිතයට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙකු, පිහිනුම් ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු ඇතුළත් වේ.

2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා දකුණු ආසියානු කලාපයෙන් සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවෙන් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ඉන්දියාවට පමණි.

බැඩ්මින්ටන් ක්‍රීඩක විරේන් නෙත්තසිංහ සහ පිහිනුම් ක්‍රීඩකයන් දෙදෙනා වන කයිල් අබේසිංහ සහ ගංගා සෙනෙවිරත්න දැනටමත් ඔවුන්ගේ පුහුණුකරුවන් සමඟ පැරීසියට ගොස් ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයට දිල්හානි ලේකම්ගේ (කාන්තා හෙල්ල විසිකිරීම) තරුෂි කරුණාරත්න (කාන්තා මීටර් 800) සහ අරුණ දර්ශන (පිරිමි මීටර් 400) සහ  පුහුණුකරුවන් වන ප්‍රදීප් නිශාන්ත, සුසන්ත ප්‍රනාන්දු සහ අසංක රාජකරුණා ඇතුළත් වේ.

මේ අතර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ කළමනාකරු සමන් ගුණවර්ධන ජූලි 30 වැනිදා පැරිස් බලා පිටත්ව යාමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ඉලක්කය වනුයේ තම මලල ක්‍රීඩා ඉසව්වල දෙවැනි වටයට සුදුසුකම් ලබාගැනීම බව මලල ක්‍රීඩා පුහුණුකරුවන්ගේ ආරංචි මාර්ග පවසයි.

නෙත්තසිංහ ජුලි 27 වැනිදා පිරිමි කේවල කණ්ඩායම් අදියර ඉසව්වට සහභාගි වන අතර ඊට අමතරව සෙනෙවිරත්න ජූලි 29 වැනිදා කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්වෙන් ද අබේසිංහ ජුලි 30 වැනිදා පිරිමි මීටර් 100 නිදහස් ආර තරග ඉසව්වෙන් ද තරග වැදීමට නියමිතය.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා ජවන හා පිටිය ඉසව් අගෝස්තු 1 සිට 11 දක්වා පැවැත්වේ.

තරුෂි කරුණාරත්න අගෝස්තු 2 වැනිදා කාන්තා මීටර් 800 පළමු වටයට ද දර්ශන අගෝස්තු 4 වැනිදා මීටර් 400 පිරිමි පළමු වටයට ද ලේකම්ගේ අගෝස්තු 7 වැනිදා කාන්තා හෙල්ල විසිකිරීමේ සුදුසුකම් ලැබීමේ ඉසව්වට ද තරග වදිනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!