6.8 C
New York

මහ වැසි තවදුරටත්

Published:

දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින මහ වැසි තත්වය අද (02) දිනය පුරාම පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

වයඹ පළාතේ ද වරින් වර වැසි ඇතිවිය හැකියැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා ඇත.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, බස්නාහිර සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල මිලි මීටර 150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

රටේ අනෙකුත් ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related articles

Recent articles

spot_img