spot_img
spot_imgspot_img

කැලණි, කළු ගංඟා ජල මට්ටම ඉහළට, වැව් සියල්ල පිරිලා

පුවත්

විදෙස්

කැලණිය සහ කළු ගංඟාවල ජල මට්ටම අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ජල විද්‍යා සහ ආපදා කළමනාකරණ අංශයේ වාරිමාර්ග අධ්‍යක්ෂ එස්.පී.සී.සුගීෂ්වර පවසන්නේ පහත් බිම්වල ජීවත්වන ජනතාව ගං වතුර තත්වයකට මුහුණදීම සඳහා පූර්ව සූදානමින් සිටිය යුතු බවයි.

තවදුරටත් වැසි ඇතිවුවහොත් කැලණි ගඟ සහ කළු ගග දෙකෙහිම ජල මට්ටම ගංවතුර තත්වය ඉක්මවා යා හැකි බවත්, මේ වනවිටත් එම ගංඟා දෙකෙහිම අතු ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බැවින් එම ගංඟා හරහා ගමන් කිරීම, ඔරු පැදීම සහ දිය නෑම නොකරන්න යැයි ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගම්පහ සහ ජාඇල ප්‍රදේශවල  සුලු ගංවතුර අවධානමක් තවදුරටත්  පවතී. ගිං, නිල්වලා සහ බෙන්තර ආදී ගංගාවල සහ මහ ඔය සහ දැදුරු ඔයේ ඉහළ ජල මට්ටමක් වාර්තා වන බවත් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා  සඳහන් කළේය.

මේ අතර සමස්තයක් ලෙස දිවයින පුරා ජලාශවල ජල මට්ටම 80% ක පමණ සැලකිය යුතු ඉහළ ධාරිතාවක තවදුරටත් පවතින හෙතෙම කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!