spot_img
spot_imgspot_img

ඊශ්‍රායලයට ගිය, ශ්‍රී ලාංකිකයන්ට සිදුවන දේ

පුවත්

විදෙස්

ඊශ්‍රායලයේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ලාංකිකයන්ට වර්ධනය වෙමින් පවතින යුද ගැටුම්වල බලපෑමක් නොමැති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එරට සිටින ශ්‍රී ලාංකිකයන් 70%ක් පමණ නිවෙස්වල ආරක්ෂිතව සේවය කරන බවයි. එමෙන්ම 15%ක් පමණ කෘෂිකාර්මික රැකියාවල නිරතවන අතර ඉතිරි පිරිස ඉදිකිරීම් හා වෙනත් අංශවල රැකියාවේ නිරත වෙයි.

ඊශ්‍රායලයේ උතුරු  කලාපයේ ලෙබනන් මායිම හරහා විටින් විට ෂෙල් ප්‍රහාර වාර්තා වුව ද , ඒ කලාපයේ සිටි ලක්ෂ එකහමාරකට වැඩි පිරිස එම කලාපයෙන් වෙනත් ස්ථානවලට තාවකාලිකව යොමුකර ඇති බවයි.

ඒ අතර සිටි ශ්‍රී ලාංකිකයන්ද  නව ස්ථානවලට ගොස් ඇති බව තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට සිටින ලාංකිකයන් පිළිබඳව නිරන්තරයෙන් විමසිලිමත් බවවත් ඒ අනුව ශ්‍රී ලාංකිකයින් පිළිබඳව ගැටලුවක් ඇති නොවන බවත් තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යම් ශ්‍රී ලාංකික‍යකුට ගැටලුවක් මතුවුවහොත් හැකි ඉක්මණින් තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ ‍වන ලෙස ද දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!