spot_img
spot_imgspot_img

චමරිගේ ප්‍රහාරයෙන්, ශ්‍රී ලංකාවට ජය

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ ප්‍රවේගකාරී පිතිහරඹය හේතුවෙන් දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඉතාමත් පහසුවෙන් පරාජයට පත්කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරඟාවලිය 2-1ක් ලෙස ජය ලැබූහ.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ දී කඩුලු 05ක පමණක් දැවී ලකුණු 304ක් රැස්කළේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් බව විශ්වාසයක් තබාගනිමිනි. එහි දී ලෝරා වොල්වාඩ් නොදැවී ලිකුණු 184ක් රැස්කලාය.

නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ට අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 139කින් නොදැවී ලකුණු 195ක් ලබාගත්තේ හතරේ පහර 26ක් සහ හයේ පහර 05ක් එල්ල කරමිනි. ඇයට ලබාගැනීමට තිබූ ද්විත්ව ශතකය අහිමිවුව ද එම ඉනිම කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් රැස්කරගත් තෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව බවට පත්විය.

චමරිගේ එම ඉනිම හේතුවෙන් පන්දුවාර 44.3ක දී ඉතාමත් පහසුවෙන් දකුණු අප්‍රිකා අභියෝගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 305ක් රැස්කර ජයග්‍රහණය සතුකරගත්තේය.

ඒ අනුව තරඟාවලියේ ජයග්‍රහණය ද ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවෙද්දී තරඟයේ වීරයා සම්මානය ද චමරි අතපත්තු දිනා ගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!