අතුරුගිරිය, ගල්වරුෂාව පාරේ නිවසකට අද (27) අලුයම වෙඩි වරුෂාවක් එල්ල වී ඇතැයි පොලිසිය කියයි.
මෙම නිවසේ පදිංචිකරුවා සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයකු බව ද පොලිසිය කීවේය.
කෙසේ වෙතත් මෙම වෙඩි ප්රහාරයෙන් නිවසේ කිසිවකුට හානි සිදුව නැති බවත් දොර ජනේලවලට හානි සිදුව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.