spot_img
spot_imgspot_img

රඟහලට එල්ලවූ ප්‍රහාරයෙන් 60දෙනකු මරුට

පුවත්

විදෙස්

රුසියාවේ මොස්කව් නුවර රඟහලකට එල්ලවූ ප්‍රහාරයකින් 60 දෙනකු මියගොස් 145දෙනකු පමණ තුවාල ලබා ඇත.

තුවක්කු සහ ගිනි අවුලුවන උපකරණවලින් සන්නද්ධ වූ පිරිසක් ක්‍රෙකස් සිටි හෝල් රඟහලට කඩා වැදී මෙම ප්‍රහාරය එල්ලකර ඇති අතර ISIS ත්‍රස්ත සංවිධානය ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.

රඟහලට ගින්නෙන් හානි සිදුවී ඇති අතර වහලයේ කොටසක් කඩාවැටී තිබේ. පික්නික් නම් සංගීත කණ්ඩායමේ ප්‍රසංගය ආරම්භ වීමට පෙර ප්‍රහාරය එල්ලවී ඇති අතර විදෙස් මාධය පවසන්නේ සංගීත කණ්ඩායමේ කිසිවකුටත් හානි සිදුවී නොමැති බවයි.

රුසියානු ජනාධිපති ව්ලද්මීර් පුටින් තවත් ධූර කාලයක් සඳහා අති විශාල බහුතරයකින් ජයග්‍රහනය කර දින කිහිපයකට පසු මෙම ප්‍රහාරය එල්ල විය.

රුසියාවේ ඇමරිකානු තානාපති කාර්යාලය මැතිවරණයට පෙර අනතුරු අඟවා තිබුණේ, මොස්කව් හි විශාල රැස්වීම් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට අන්තවාදී සැරසෙන බවයි. විශාල රැස්වීම් වලට යෑමෙන් වළකින ලෙස රුසියාවේ සිටින ඇමරිකානු පුරවැසියන්ට තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබිණ.

නොවැම්බර් මාසයේ බුද්ධි අංශ තොරතුරු වාර්තා කර තිබුණේ ඇෆ්ගනිස්ථානයේ සහ අවට කලාපයේ ක්‍රියාත්මක වන ISIS ත්‍රස්ත සංවිධානයේ අනුබද්ධිත සංවිධානය වන ISIS-Khorasan රුසියාවට පහර දීමට තීරණය කර ඇති බවයි.

කෙසේවුවද මෙම අනතුරු ඇඟවීම් සම්බන්දව අදහස් දක්වමින් පසුගිය අඟහරුවාදා ජනපති පුටින් ප්‍රකාශකර තිබුණේ සමාජය බිය ගන්වා අස්ථාවර කර බ්ලැක්මේල් කිරීම සඳහා මෙවැනි ප්‍රකාශ නිකුත් කරන බවයි.

වසර දෙකකට වැඩි කාලයක් රුසියාව සමඟ යුද්ධයක පැටලී සිටින යුක්රේනය මෙම ප්‍රහාරයට කිසිදු සම්බන්ධයක් නොමැති බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!