3.7 C
New York

අක්කාටත්, නංගීටත් අතවර කළ පවුලේ සමීපතමයන් හතරක් රිමාන්ඩ්

Published:

බාලවයස්කාර අක්කාටත්, නංගීටත් වරින්වර අතවර කළ පුද්ගලයන් පස් දෙනකු අතරින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හතර දෙනකු ලබන 02 වැනි දා දක්වා රිමාන්ඩ් කරන්න යැයි පුත්තලම අධිකරණය නියෝග කළේය.

මෙලෙසඅ තවරයට පත්ව ඇත්තේ සාලියවැව ප්‍රදේශයේ පදිංචි මේ වනවිට 15 වැනි වියේ පසුවන අක්කා සහ 12 හැවිරිදි වියේ පසුවන නැගණියයි.

15 හැවිරිදි දැරිය නිවසේ නොමැති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු ඇමතුමක් අනුව සොයා බැලීමේ දී එම දැරිය 28 හැවිරිදි තරුණයකු සමඟ කැලෑබද ප්‍රදේශයක සිටිය දී සොයාගෙන ඇත. දැරියගෙන් තොරතුරු විමසීමේ දී අනාවරණය වී ඇත්තේ ඔහු ඇගේ පෙම්වතා බවයි. නිවසට නිතර ආගිය එම තරුණයා සමඟ තමන් ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති බව දෙමාපියන් ද දන්නේ යැයි ඇය ප්‍රකාශ කර තිබේ. වැඩිදුරටත් විමර්ශන කිරීමේ දී දැරිය පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පවසා ඇත්තේ ඇය අවස්ථා රැසක් පෙම්වතාගෙන් ලිංගික අපයෝජනයට ගොදුරු වූ බවයි.

එමෙන් ම වරින් වර නිවසට පැමිණෙන තවත් පිරිමි පුද්ගලයන් තිදෙනකු 2021 වර්ෂයේ සිට අවස්ථා ගණනාවක් ම තමන්ව අප‍යෝජනය කළ බවත්, එ අතර තම වැඩිමල් සොහොයුරියගේ සැමියා ද සිටින බවත් ඇය පවසා ඇත. ඒ අනුව 15 හැවිරිදි අක්කා අපයෝජනයට ලක්කළ බව කියන ඇගේ පෙම්වතා සහ අනෙක් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර මෙම සිද්ධියත් සමඟ 12 හැවිරිදි වියේ පසුවන බාල සොහොයුරිය පොලිසියට පවසා ඇත්තේ තමන් වයස අවුරුදු 09 දී නිවසට ආ ගිය පුද්ගලයකු අතින් අවස්ථා ගණනාවක් අපයෝජනයට ලක් වූ බවයි. දැරිය ලබාදුන් තොරතුරු අනුව පොලිසිය එම සැකකරු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා වයස අවුරුදු 24 සහ 30 වසරවල පසුවන ප්‍රදේශයේ ම පදිංචිකරුවන් බවයි. නිතර නිතර නිවසට පැමිණ දැරියන් දෙදෙනාගේ මව සහ පියා සමඟ කතා බහ කරමින් සිටින අය බවත් පියා රැකියාවට ගිය අවස්ථාවල දී පැමිණ මව සමඟ ද කතා බහ කරමින් කාලය ගත කරන පවුලේ සමීප අය බවත් පොලිසිය අනාවරණය කරගෙන ඇත.

වෛද්‍ය වාර්තාවක් ලබාගැනීම සඳහා එම දැරියන් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

Related articles

Recent articles

spot_img