spot_img
spot_imgspot_img

දිනේෂ් ෂාෆ්ටර්ගේ සිම්පත සම්බන්ද රස පරීක්ෂණ වාර්තාව තවම ලැබී නෑ

පුවත්

විදෙස්

ඝාතනය කළ ජනශක්ති රක්ෂණ සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ දිනේෂ් ෂාෆ්ටර්ගේ ජංගම දුරකථන සහ පරිගණක දත්ත සම්බන්ද විශේෂඥ  වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ශණ කැකුණුවෙල මහතා අද(20) රජයේ රස පරීක්ෂක වරයාට සිහිකැඳවීමේ ලිපියක් නිකුත් කළේය.

දිනේෂ් ෂාෆ්ටර් භාවිතා කළ විද්‍යුත් උපාංග  සම්බන්ධයෙන්  රජයේ රස පරීක්ෂක වාර්තාව තවමත් ලැබී නොමැති හෙයින් මහේස්ත්‍රාත්වරයා එම සිහි කැඳවීමේ ලිපිය නිකුත් කිරීමට නියෝග කළේය.

රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබුණු පසු එම ජංගම දුරකථන සිම්පත ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කිරීමට බිරිඳට ලබාදීම සම්බන්ධයෙන් වන ඉල්ලීම සලකා බලන බවද  අතිරේක මහේස්ත්‍රාත් වරයා  දන්වා සිටියේය.


අදාළ සිම්පත ලබාදීමේ හැකියාව සලකා බලා ඒ පිළිබඳ වාර්තාවක් ලබන නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට දන්වා සිටියේය.

දිනෙෂ් ෂාෆ්ටර් ඝාතනයට ලක්වීමට පෙර ව්‍යාපාර කටයුතු සඳහා භාවිතා කළ දුරකථන අංකය සහිත සිම්පත හෝ නව සිම්පතක් තමාට ලබාගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ බිරිද අධිකරණයෙන් මීට පෙර ඉල්ලා තිබිණි.

බොරැල්ල පොදු සුසාන භූමිය අසලදී 2022 වසරේ දෙසැම්බර් 16 වනදා සිය රමා්ටර් රථය තුළ අසාධය තත්ත්වයෙන් සිටියදී සොයාගත් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් කොළඹ ජාතික රෝහලට ඇතුලත්කර සුළු වේලාවකින් මියගියේය. අධිකරණ වෛද්‍ය පරීක්ෂණ දෙකකට පසු දේහය බොරැල්ල කනත්තේ මිහිදන් කෙරුණද මරණයට නිශ්චිත හේතුවක් ‍ප්‍රකාශ වූයේ නැත. මාස ගනනාවකට පසු නැවත ගොඩගත් දේහය කරාපිටිය අධිකරණ වෛද්‍ය අංශයට ගෙනවිත් පංච පුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක් හමුවේ විමර්ශනය කෙරිණ. ඉන්පසු අධිකරණයට ඉදිරිපත්වූ වාර්තාවෙන් කියැවුණේ මෙය ගෙල සහ මුහුණ මත එල්ල කළ පීඩනයක් හේතුවෙන් සිදුකළ ඝාතනයක් බවයි.

ඒ අනුව මෙම සිද්ධිය තුළින් අපරාධයක් අනාවරණය වන බවත් ඒ අනුව ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අනාවරණය කර ගැනීමේ විමර්ශන තවදුරටත් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අද අධිකරණයට දන්වා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!